Gossip

ඥානසාර හිමිගේ පත්වීම නිසා අලි සබ්රි ඉල්ලා අස්වෙයි ද ?

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාරදී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරෝධය පළ කරමින් අධිකරණ ඇමතිවරයා එම තීරණය ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් පවසනවා.

කෙසේවෙතත් ජනාධිපතිවරයා අලි සබ්රි මහතාගේ එම ඉල්ලා අස්වීමේ ලිපි බාරගෙන නැතැයි ද වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් webgossip.lk සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වුණේ අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කර නොමැති බවය.

නම හෙළිකිරීමට අකමැති වූ ඔහුගේ සමීපතමයෙකු සඳහන් කළේ ඥානසාර හිමියන්ගේ පත්වීම ගැන අධිකරණ ඇමතිවරයා යම් අසතුටකින් සිටින්නේදැයි තමන්ට පැහැදිලිව කිව නොහැකි බවය.

ඉහත පත්කිරීම සම්බන්ධයෙන් සමහරුන් තුළ පවතින්නේ වැරදි අවබෝධයක් බවද වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිද්ධිය මුල්කරගෙන ඇතැම් පිරිස් අර්බුදයක් ඇති බවට සමාජගත කිරීමේ උත්සහයක නිරතවෙන බවද නම හෙළිකිරීමට අකමැති වූ ප්‍රකාශකයා අප සමග පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!