Gossip

ශ්‍රී ලංකා ජයත් සමග කොදෙව්වන් කිහිපදෙනෙකුගේ ඉරණම තීරණය වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (04) ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයත් සමගම ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණ ගෙන ඇති බව වාර්තා වෙනවා.

සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ඩ්වේයින් බ්‍රාවෝ පවසා ඇත්තේ මෙම ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි.

වසර 10කට පසුව කොදෙව්වන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට තේරීමට අපොහොසත් වූ පළමු අවස්ථාව මෙය වෙනවා.

38 හැවිරිදි බ්‍රාවෝ 2019 වනවිට ජාත්‍යන්තර පිටියට සමුදී සිටි අතර නමුත් තම කණ්ඩායමට ශූරතාව ලබාදීමේ අරමුණින් ඔහු 2019 දී නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා.

2012 සහ 2016 වසරවලදී කොදෙව්වන්ට ලෝක ශූරතාවලිය දිනාදීමට බ්‍රාවෝ වැදගත් මෙහෙයක් කළා.

එසේම ඔහු මෙතෙක් පවත්වා ඇති සියලුම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි සඳහා ක්‍රීඩාකර තිබෙනවා.

ඔහු මෙතෙක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 90කට සහභාගී වී තිබෙනවා.

එසේම බොහෝදුරට ක්‍රිස් ගේල් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ අතර ඊයේ (04) ශ්‍රී ලංකාව සමග පැවති T20 ලෝක කුසලාන තරගය ලකුණු 20න් පරාජය වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඩ ගැසීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා.

ඒ නියමිත වේලාව තුළ සිය පන්දු ඕවර 20 නිම නොකිරීම හේතුවෙන්.

ඒ අනුව ICCය විසින් කොදෙව්වන්ගේ තරග මුදලින් 20%ක් දඩ වශයෙන් අයකර ගෙන තිබෙනවා.

තරග තීරක ඩේවිඩ් බූන් විසින් අදාළ දඩය නියමකර ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් නායක කයිරන් පොලාර්ඩ් විසින් එම වරද පිළිගෙන තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!