Gossip

ගමන් මල්ලක් තුළ තිබූ කාන්තා මළ සිරුර සැමියා හඳුනාගනී – තවත් තොරතුරු හෙළිවෙයි

ගමන් බෑගයක දමා තිබියදී ඊයේ (04) සොයාගත් කාන්තා මළ සිරුර පිළිබඳ අනන්‍යතාව මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් අද (05) හඳුනාගෙන තිබුණා.

ඒ අනුව කාන්තා මළ සිරුරේ අනන්‍යතාව මේ වනවිට තහවුරු කරගෙන තිබෙනවා.

අදාළ කාන්තාව වයස අවුරුදු 44ක මාලිගාවත්ත මහල් නිවාස සංකීරණයේ පදිංචිකාරියක බවට එලෙස හඳුනා ගත්තා.

සිය බිරිඳ ඔක්තෝබර් මස 28 වන දින සිට ආගිය අතක් නොමැති බවට ඇයගේ සැමියා නොවැම්බර් 01 වනදා පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

සපුගස්කන්ද, මාබිම, වී මෝල පාරේ කසළ ගොඩක දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම්දීමක් මත ගමන් බෑගයක දැමූ එම කාන්තා මළ සිරුර ඊයේ (04) සොයාගෙන තිබුණා.

අඩියක් ගැඹුරු, අඩි දෙකහමාරක් දිග, අඩි දෙකහමාරක් පළල ගමන් මල්ලක අදාළ මළ සිරුර බහා තිබුණා.

පොලීසිය පැවසුවේ එම කාන්තා මළ සිරුරේ අත්පා ගැට ගසා තිබුණු බවත්, ඇය කළු හා රතු පැහැති කොටු ගවුමක් ඇඳ සිටි බව.

දැනට දින තුනකට පමණ පෙර ඇයව ඝාතනය කර එලෙස බෑගයක දමා මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

ඒ අනුව ඝාතකයින් සොයා පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!