Gossip

සැමියයි අනියම් බිරිඳයි එකතුවී නීත්‍යානුකූල බිරිඳට මහමගදී සිහි නැතිවෙන්න පහරදෙයි

සිය අනියම් බිරිඳ සමග සාප්පු සවාරියේ නිරතවෙමින් සිටි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හදිසියේම සිය නීත්‍යානුකූල බිරිඳට හමුවී තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවී තිබුණේ ඉකුත් 2වනදා අනුරාධපුරයේදීයි.

එහිදී ඇතිවූ බහින්බස්වීමකින් පසු එම ව්‍යාපාරිකයා සිය අනියම් බිරිඳ සමග එක්වී නීත්‍යානුකූල බිරිඳට මහමග සිහිසුන් වනතුරු පහරදී තිබෙනවා.

පසුව මෝටර් රථයෙන් ඇයව හැප්පීමට උත්සාහ කරද්දී පොලිස් නිලධාරියෙකු මැදිහත් වී ඇයව බේරාගෙන තිබුණා.

විශාල පිරිසක් බලා සිටියදී ව්‍යාපාරිකයා සිය තරුණ බිරිඳට එළව එළවා පහරදී තිබුණා.

ව්‍යාපාරිකයා සිය අනියම් බිරිඳගේ නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ තිබූ අතර නීත්‍යානුකූල බිරිඳ පැමිණ තිබුණේ සිය දරු දෙදෙනාගේ අවශ්‍ය කලමනා කිහිපයක් මිලදී ගැනීමටයි.

ඇය ත්‍රීරෝද රථයකින් ගමන් කරද්දී සැමියාගේ මෝටර් රථය දැක දුරකථනයෙන් අමතා සිටින තැන විමසා තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඈත ප්‍රදේශයකට පැමිණ ඇති බවයි.

සිද්ධිය දුටුවන් පවසා තිබුණේ සැමියා බිරිඳට පහර දෙද්දී අනියම් බිරිඳ ද පැමිණ පයින් පහරක් එල්ල කර සෙමෙන් ඉන් පිටව ගිය බවය.

පසුව ව්‍යාපාරිකයා විසින් දරු දෙදෙනාව මෝටර් රථයට නංවාගෙන ඇති අතර බිරිඳ අනුරාධපුර රෝහල දෙසට පයින් ගමන් කරද්දී ඇයව හඹාගොස් රථයට යට කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!