Gossip

2020 ටත් පොදු අපේක්ෂකයෙක්

2020 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බව සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මේ පිළිබඳ වූ මූලික සාකච්ඡා තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ බවත් අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ සාධනීය ස්ථාවරයක සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ සඳහා වන තවත් සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කරයි.

2025 දක්වා වත්මන් යහපාලන රජය කටයුතු කිරීමට සැළසුම් කොට ඇති බවත්, සාම්ප්‍රදායිකව නොසිතා නව දේශපාලන ප්‍රවාහයක් පිළිබඳ අවධානය යොමුකළ යුතු බව අවධාරණය කරන අමාත්‍යවරයා එක් පෙරමුණක් යටතේ තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂ තුළ එකඟතාවට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!