Gossip

ඉදිරියේදි මාස දෙකකට වරක් ඉන්ධන මිල වෙනස් වෙනවා – මුදල් ඇමති කියයි

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ඉන්ධන මිල සූත්‍රයක් කියාත්මක නොවන බවයි.

“මිල සූතයක් මෙතන නැහැ. ඒක අපි දීර්ඝ වශයෙන් කතාකළා. ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන්. මිල ප්‍රතිශෝධනයක් කිරීමටයි තීරණය කළේ.” යනුවෙන් පැවසුවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ නව මිල සූත්‍රය අනුව මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල අඩුවිය හැකි බවයි. ලෝක වෙළඳ පොළෙහි තෙල් මිල අනුව එම අඩු වැඩි වීම සිදුවන බවත් ඔහු පවසා තිබෙනවා.

අදාල ට්විටර් පණිවුඩය පහතින් කියවන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!