Gossip

2020 ජනාධිපතිවරණයට රනිල් ආවොත් මොකද වෙන්නේ..? තිස්ස අත්තනායක හෙළි කළ දේ මෙන්න

සෘජු නායකයෙක් සහ පැහැදිලි ප්‍රතිපත්තියක් මෙන්ම රට ගැන හිතන නායෙකයෙකු රටට අවශ්‍ය වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන තිස්ස අත්තනායක මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එවැනි සෘජු නායකත්වයක් ඇති පුද්ගලයෙකුට තමන් කැපවී කටයුතු කරන බවත් 2020 ජනාධිපතිවරණයේදී පැහැදිලි ස්ථාවරයක් ගැනීමට තමා බලාපොරොත්තු වන බවද ඒ මහතා පවසනවා..

මෙහිදී මාධ්‍යවේදීන් 2020 ජනාධිපතිවරණය සඳහා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ජනතාව මොනයම් ආකාරයේ ප්‍රතිචාරයක් දක්වාවිදැයි විමසා සිටියේය.

එහිදී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ ජනතාව එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇති බවයි.

කතා කරමින් නොසිට ගමට ගොස් එක්සත් ජාතික පාක්ෂිකයා ශක්තිමත් කරන ජාතික වැඩපිළිවලකට නොගිය හොත් එක්සත් ජාතික පක්ෂය කනත්තෙන් නතරවන බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!