Gossip

රටේ අභිමානය කෙලෙසන මේ ක්‍රියාවට සැවොම එක්වී විරෝධය පලකරමු.. ජාතික කොඩිය සහ රාජ්‍ය ලාංඡනය යොදාගෙන කරන පහත් වැඩේ මෙන්න – Photos

අද සමාජයේ මිනිස්සු සල්ලිවලට නොකරන දෙයක් නැති තරම්.
ඒ තරමටම මනුස්සකම, ජාතිය, ආගම හැමදේම සල්ලිවලට යටකරන තරමටම හුඟක් දේ පිරිහිලා.
ජාතික කොඩිය හා රාජ්‍ය ලාංඡනය කියන්නේ අපේ රටේ අභිමානය.
ඒ අභිමානය කකුලට පෑගෙන වැලිකැටයක් තරම්වත් නොවටින විදිහේ වැඩක් කරපු පිරිසක් ගැන අපිට මුහුණුපොතෙන් දකින්න ලැබුණා.
ඒ තමයි පාවහන්වලට රාජ්‍ය ලාංඡනය සහ ජාතික කොඩිය යොදා තිබීම.
Love Srilanka නමින් මුහුණුපොතේ ඇති පිටුවක් හරහා මෙම පාවහන් අලෙවි කිරීම ගැන සඳහන් කර තිබෙනවා.
මෙම පාවහන් වෙනුවෙන් 30% ක වට්ටමක්ද ලබාදෙන බව සඳහන් කර තිබෙනවා.
රටක අභිමානය මේ විදිහට කෙලෙසන මිනිසුන් ගැන බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බවයි අප අවධාරණය කරන්නේ.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!