Gossip

රංගන ශිල්පී මාධව විජේසිංහ සමඟ හොර රහසේම යුගදිවියට පිවිසීම ගැන දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ හෙළි කරයි – Photos

දෙවෙනි ඉනිමේ “චූටි මැණිකේ” හෙවත් ශලනි ප්‍රනාන්දු, “මාධව විජේසිංහ සමග යුගදිවියට” යනුවෙන් සඳහන් කරලා පසුගිය දවස්වල අන්තර්ජාලය පුරා ඡායාරූප පෙළක් හුවමාරු වෙනවා.
මේ ඡායාරූප පිටුපස ඇති ඇත්ත කතාව සතිඅන්ත පුවත්පතකට ශලනි කියලා තිබුණේ මේ විදිහට.

කාටත් නොකියා ශලනි, මාධවත් එක්ක විවාහ වුණාද?
අ‍පොයි නෑ. මමයි මාධව අයියයි මාතර Grand Navro කියන හෝටලයේ ප්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් කළ ෆොටෝ ෂූට් එකක් තමයි ඔය විදිහට දැන් හැමතැනම හුවමාරු වෙන්නේ.
ඒ හොටෙල් එකේ අලුතින් විවෘත කළ ශාඛාවේ ලස්සන තැන් ආවරණය වන විදිහට තමයි අපි මේ ෆොටෝ ෂූට් එක කළේ.

ශලනිට කොහොමද මේ ෆොටෝ ෂූට් එකට ආරාධනා ලැබුණේ ?
මුලින්ම මේ ෂූට් එකට ආරාධනා ලැබුණේ මාධව අයියාට. මාධව අයියා හරහා තමයි මගේ දුරකථන අංකය හොයා ගෙන එයාලා මට කතා කළේ.
කපල් ෂූට් එකක් හෝ බ්‍රයිඩල් ෂුට් එකකට ආරාධනා ලැබුණාම, මම සාමාන්‍යයෙන් මා එක්ක ඡායාරූපවලට ඉන්නේ කවුද කියලා අහනවා.
ඒ මාධව අයියා කියලා දැන ගත්තාම මම ඊට කැමති වුණා. මොකද මාධව අයියා කියන්නේ දෙරණ පවු‍ලේ සාමාජිකයෙක්. මාත් දෙරණ පවු‍ලේ සාමාජිකාවක්.

ඇත්තටම විවාහ වුණා කියලා හිතලා මේ ෆොටෝ ෂූට් එක දැකපු අය ඔබට කතා කරලා සුබ පැතුවේ නැද්ද?
(හිනැහී) මේ ඡායාරූප පළ කරපු පළවෙනි දවසේම ගොඩාක් දුරකථන ඇමතුම් ලැබුණා.
මාධව අයියාටත් ගොඩක් දෙනා ඒ විදිහටම කතා කරලා තිබුණා. ඔක්කොම ඇහුවා කසාද බැන්දද කියලා.
මේ ඡායාරූප වලින් වෙඩින් එකක් විදිහටම ගොඩක් අවස්ථා නිරූපණය කරපු නිසා වෙන්න ඇති බොහෝ දෙනා අපිට කතා කළේ. මට ඇත්තටම මේ ෂූට් එක අලුත් අත්දැකීමක් වුණා. මොකද මම කලින් බ්‍රයිඩල් ෂූට් කරලා තිබුණට වෙඩින් එකක් විදිහටම මේ වගේ ෂූට් එකක් කරලා තිබුණේ නැහැ.

මාධවගෙන් ශලනිට ඇත්තටම විවාහ යෝජනාවක් ආවොත් ඒක භාර ගන්නවද?
(හිනැහී) ඒකට මම හිතන්නේ මම උත්තර දෙන්න ඕනේ නැහැ. මොකද මට මාධව අයියා මගේම සහෝදරයෙක් වගේ.
ඒ වගේම එයාටත් මම එයාගේම සහෝදරියක් වගෙයි. ඒ නිසා මාධව අයියා මට කවදාවත් ඒ වගේ යෝජනාවක් ගේන එකක් නැහැ. ඒක ෆොටෝ ෂූට් එකක් විතරයි.

එතකොට ශලනි කවදාද ඇත්තටම මනමාලියක් වෙන්නේ ?
මට තාම වයස 18යි. ඒ නිසා ඒකට තව ගොඩාක් කල් තියෙනවා.

මංගල ඇඳුම කියන්නේ ගැහැනු ළමයෙකුගේ ජීවිතයේ අඳින ලස්සනම ඇඳුම. ශලනි මනමාලියක් වෙන්න කලින්ම මංගල ඇඳුම කිහිපවරක් ඇඳලා තියෙනවා. ඉතිං ඒ ඇඳුම ඇඳලා. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ ?
සාමාන්‍යයෙන් මනමාලියක් වෙන්නේ ජීවිතේටම එකපාරක් කියලා කියනවානේ. ඒත් අපේ අම්මා මනමාලියක් විදිහට මාව කිහිප වතාවක්ම දැකලා තියෙනවා.
අම්මා කියනවා මගේ දෝණි ඇත්තටම කවදා හරි දවසක මේ වගේම සුන්දර මනමාලියක් වෙනවනේ කියලා.
මට ගොඩක් කතා කරන්නේ උඩරට මනමාලියක් විදිහට පෙනී ඉන්නයි. බටහිර මනමාලියකට මම නිරූපණය කළ අවස්ථා ගණන අඩුයි.
එහෙම කතා කළත්, මංගල ගවුම ඇන්දත් වේල් එක දාන්නේ නම් නැහැ. මොකද මම කතෝලික. ඒ නිසා මම බඳින දවසට තමයි වේල් එක දාන්නේ.
මම මේ කරන නිරූපණ වෙනුවෙන් වේල් එක දැම්මොත් මම ඇත්තටම මනමාලියක් වෙන දවසේ අගයක් නැති වෙනවා .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!