Gossip

තමන් ආදරෙන් හදපු සිංහයන්ව අවුරුදු 07කට පස්සේ බලන්න ගියාම සිංහයෝ දෙන්නා කරපු වැඩේ සමාජජාල කළඹයි

ආදරය කරුණාව සෙනෙහස කියන දේවල් හොයන්නේ දැනෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි. ඒ දේවල් සත්තුන්ටත් දැනෙනවා.

ඒවගේම කතාවක් තියෙනවානේ සතෙක්ට එක දවසක් කන්න දීලා දවස් තුනක් කන්න දෙන්නැතුව බලන්න ඒ සතාට මතක අපි කන්න දීපු එක දවස කියලා..

අපි මේ කියන්න යන්නෙත් ඒවගේ කතාවක්.

ස්විස්ටර්ලන්තයේ ජීවත්වූ කාන්තාවක් මීට අවුරුදු 07කට කළින් සිංහ පැටව් දෙන්නෙක්ව ඇති කරන්න අරගෙන තියෙනවා.

ඒත් මේ සිංහ පැටව් දෙන්නා ටික කාලයක් ගෙදරම තියාගත්ත කාන්තාව මේ දෙන්නා වයසට යන නිසා ඒ රටේ තියන හොඳම සත්ත්ව උද්‍යානයට භාර දීලා තියෙනවා.

මෙහෙම මේ දෙන්නාව සත්ත්ව උද්‍යානයට භාර දුන්නත් මෙයාලාව දැකලා දුකක් ඇතිවෙන නිසා ආයෙත් බලන්න යන්නේ නැහැ.

ඒත් ඇය අවුරුදු 07කට පස්සේ තීරණය කරනවා මේ සිංහයන්ව බලන්න යන්න.

එහෙම ගිය මේ කාන්තාව දුටුව ගමන්ම හැමෝගෙම හදවත රිදවන සිදුවීමක් වෙනවා.

ඒ තමයි ඈත සිටම දකින කාන්තාව සිංහයින් දෙන්නා දුවගෙන ඇවිත් එකවර ඇයගේ බෙල්ලේ එල්ලී හාදු දීම.

මේකේ විශේෂත්වය තමයි අවුරුදු 07කට පස්සෙත් ඇයව මේ දෙන්නා හඳුන ගන්න එක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!