Gossip

නිල්වලා ගඟෙන් අල්ලාගත් යෝධ කිඹුලාට මොකද වුණේ(වීඩියෝ)

cvr

මාතර වේරදූව ප්‍රදේශයේදී අල්ලා ගනු ලැබූ යෝධ කිඹුලෙකු වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් යළි නිල්වලා ගඟට මුදා හැර තිබේ.

වයස අවුරුදු හැටක් පමණ වන බවට විශ්වාස කෙරෙන කිඹුලා අඩි දාහතකට වැඩි දිගින් යුතු බව වනජීවී නිලධාරීහු පවසති.

කිඹුලකු ගොඩට පැමිණීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බියට පත් වී සිටින බව දන්වා තමන්ට මධ්‍යම රාත්‍රියේ දුරකතන ඇමතුමක් ලැබුණු බව වනජීවී අඩවි නිලධාරී උත්පල ධරංග කියා සිටියේය.

ඒ අනුව වේරදූව ප්‍රදේශයට ගොස් කිඹුලා බේරා ගැනීමට කටයුතු කළ බව පැවැසූ ඔහු බියට පත් ඇතැම් ගම්වැසියන් කිඹුලාට ගල්මුල්වලින් පහර දී තිබුණු බව ද සඳහන් කළේය.

කිඹුලාගේ ආරක්ෂාව පිණිස රාත්‍රියේ පොලිස් භට කණ්ඩායමක් එහි රැඳී සිටි බවත් වනජීවී අඩවි නිලධාරීවරයා කියා සිටියේය.

“මාතර නිල්වලා ගඟේ කිඹුල්ලු දහස් ගණනක් සිටින බවට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. නමුත් මිනිසුන්ට හානි කළ බවට විශ්වාස කළ හැකි කිඹුල්ලු තුන් දෙනකුට වඩා බන්ඩත්තර දක්වා ප්‍රදේශයේ නැති බව පසුගිය දිනවල සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා,” යැයි වනජීවී අඩවි නිලධාරී උත්පල ධරංග පැවසීය.


 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!