Gossip

සිසුවෙකු සමඟ ප්‍රේමයෙන් වෙලුණු ගුරුවරියට අත්වූ ඉරණම (වීඩියෝ)

cvr

සිය පාසැලේ සිසුවකු සමග වසරකට අධික කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය  ගුරුවරියක් සම්බන්ධයෙන්   බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 පාසැලේ අධ්‍යයන කටයුතු අතරතුර මෙම සිසුවා තමාට ආදරණීය යෝජනා ගෙන ආ බවටයි ගුරුවරිය ප්‍රකාශකර ඇත්තේ.
ඔහුගේ හැසිරීමට මෙන්ම කථාවට තම සිත ඇදීගිය බව ගුරුවරිය ප්‍රකාශකර තිබෙනවා.
 පළමු වරට 2015 සැප්තැම්බර් මාසයේදී තමන් සිසුවා සමග සංවාදයක් ආරම්භ කල අතර ඒ වන විට සිසුවාගේ වයස අවුරුදු 17 ක්.
චෝදනා එල්ලවී ඇති ගුරුවරියට අවුරුදු 23 ක් බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
සැප්තැම්බර් මාසයේදී තමන් සහ සිසුවාගේ ප්‍රේම සම්බන්ධයක් ඇරඹුනු අතර එය ලිංගික සම්බන්ධයක් දක්වා දුරදිගය ගිය බව ද ගුරුවරිය හෙළිකර තිබෙනවා.
සිය මෝටර් රථයේදී සෑම දිනකම පාහේ සිසුවා සමග ගතකරන බවයි ඇය ප්‍රකාශකර ඇත්තේ.
දිනක් පාසැලේ සිසුන් පිරිසක් මෙම සිදුවීම දැක එය වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
අනතුරුව තම ප්‍රේමවන්ත සිසුවාගෙන් ද තමන්ට බලපෑම් එල්ලවු බවයි ඇය සඳහන් කර ඇත්තේ.
තමාගේ නිරුවත් ඡායාරූප ද 17 හැවිරිදි සිසුවාට යැවු අතර ඔහු ඒවා ද යහලුවන් අතර හුවමාරු කරගෙන ඇති බව ගුරුවරිය පෙන්වාදී තිබෙනවා.
කෙසේවෙතත් බාලවයස්කරුවකු සමග ගුරුවරියක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාම පිළිබඳ ඇයට දැඩි දෝශාරෝපණයක් එල්ලවී තිබෙනවා.
මේවන විට ඇයගේ සේවය අත්හිටුවා ඇති අතර මේ සම්බන්ධයෙන් ඇමරිකා බලධාරීන් විශේෂ පරීක්ෂනයක් ද ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කලේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!