Gossip

දින 12ක් තුළ පිරිමි 207 එක්ක ඉඳළා-ලාංකික 16 හැවිරිදි දැරිය සිංගප්පූරුවේදී ගණිකාවක් වෙලා

1

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ක දැරියක සිංගප්පූරුවේදී ගණිකා වෘත්තීයේ යොදවා ඇති සිද්ධියක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.

අදාළ දැරිය තම පියා හා ආච්චි සමගින් මෙරට වාසය කර ඇති අතර ඔවුන් දෙදෙනාගේම අසනීප තත්ත්වයක් හමුවේ පැවති ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට ඇය විදෙස්ගතව ඇති බවද වාර්තා වෙයි.

පසුගිව වසරේ ජූලි මස 24 වනදා මෙම දැරිය සිංගප්පූරුවට ගෙන  ගොස් ඇත්තේ හතමුණේ ලියනගේ පුෂ්ප සුරංග නැමැති 29 හැවිරිදි තරුණයෙකු හා මේ වන විට නම අනාවරණය කර ගැනීමට නොහැකිව සිටින තවත් පුද්ගලයෙකු විසිනි.

අදාළ පුද්ගලයා අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන අතර ඔහු එරට පොලීසිය විසින් අත්අඩංගුව‍ට ගැනීම සඳහා පරීක්ෂණ පවත් වන බවද වාර්තා වෙයි.

මොවුන් දෙදෙනා විසින් එම දැරිය එරටට රැගෙන යාමෙන් පසුව අදාළ දැරිය ජීවත්ව සිටි ස්ථානයේ අසල්වැසියන් විසින් මුල්‍ය අර්බුදයක සිටි ඇයව ගණිකා වෘත්තීයේ යොදවා ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම එම වෘත්තීයේ යෙදීමෙන් විශාල මුදලක් මසකට ඉපයිය හැකි බව පෙන්වා දෙමින් දැරිය ගණිකා වෘත්තීයට යොමු කර ඇති බව සඳහන්ය.

දින 12ක් තුළ ඇය පුද්ගලයින් 207 දෙනෙකු සමඟ එක්වී ඇති බවද වාර්තා වෙයි.

ඇය පසුගිය වසරේ අගෝස්තු 6 වන දින පුද්ගලයෙකු සමඟ සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!