Gossip

ලංකාවෙන් ලෝක වාර්තාවක් – ශක්තිමත්ම දත් පෙළ කොළඹ වරායේ ජනකට

cvr

විනාඩියකදී 12mm යකඩ කම්බි 12ක් මුඛයෙන් නවා නව ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීමට කොළඹ වරායේ ජය බහාලුම් අංගනයේ සේවකයකු වන හඟුරන්කෙත ජනක කාංචන මුදන්නායක සමත් විය.

ලොව ශක්තිමත්ම දත් දෙපළේ හිමිකරු තමා යැයි ගිනස් වාර්තා පොතේ සනිටුහන් කර ගැනීම ජනක කාංචනගේ අපේක්ෂාවය.

කොළඹ, මෝදර වරාය පරිශ්‍රයේ මහවැලි පුහුණු අභ්‍යාස ආයතනයේදී ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන්, ඇමැති අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් ඉදිරියේ දී ඔහු මෙම දස්කම සිදුකරන ලදී.

මීට පෙර රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් මුරොම්ස්කි නැමැත්තා මෙවැනි යකඩ කම්බි 12ක් විනාඩියක් තුළ හිස මත තබා නවමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

;

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!