Gossip

සංගීතයෙන් ලොවම අල්ලන කුඩා ගායකයා…

මධ්‍යම කාශ්මීරයේ බුඩ්ගම් දිස්ත්‍රික්කයේ දිවිගෙවන 10 හැවිරිදි පිරිමි දරුවෙක් ඔහුගේ මිහිරි ගායනයෙන් සහ වාදනයෙන් මේදිනවල ජනතාවගේ සිත් සොරා ගෙන ඇත.

ෂාහිඩ් සහූර් නමැති මෙම කුඩා ගායන හා වාදන ශිල්පියා විවිධ අවස්ථාවලදී කාශ්මීර ජන ගී ගායනා කරමින් සහ ඒවා වාදනය කරමින් ප්‍රේක්ෂකයින් වසඟ කර ගනිමින් සිටියි.

කුඩා ශාහිඩ් පවසන්නේ සිය පියාගේ අභාෂයෙන් තමන් සංගීතයට අත්පොත් තැබූ බවයි.

පියා තමන් තුළ ඇති දක්ෂතාවයක් හඳුනා ගත් අතර, කාලයත් සමඟ තමන්ව කාශ්මීරයේ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයක් වන තබ්ලා සහ තුම්බක්නර් වැනි සංගීත භාණ්ඩ වාදනය කිරීමටත් ගායනයටත් යොමු කළ බව ඔහු පවසයි.

ෂාහිඩ් මේවනවිට සිය පියාගේ සංගීත කණ්ඩායම සමග කේරලයේ සහ මුම්බායිහි පැවැත්වෙන උත්සව අවස්ථා සඳහා සහභාගී වෙයි.

එවන් අවස්ථාවලදී තමන්ටත් වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාර ඇත්තේ පුත්‍රයාට බව ෂාහිඩ්ගේ පියා පවසයි.

වර්තමානයේ කාශ්මීරයේ සිනමාව නැවත පණ ගැන්වීම සඳහා රජය පියවර රැසක් ගනිමින් සිටින බැවින් බොලිවුඩ් චිත්‍රපට රාශියක් එහි නිර්මාණය වෙමින් පවතින බවයි ෂාහිඩ්ගේ පියා පවසන්නේ.

එබැවින් එවන් අවස්ථාවක් සිය කුඩා පුත්‍රයාටත්, ලබාදෙන්නෙස් නම් ජනතාව ද ඒ සඳහා ආශිර්වාද කරනු ඇතැයි ෂාහිඩ්ගේ පියා පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!