Gossip

05 දෙනෙකුට දිවි අහිමි කරමින් හොරණ ඇමෝනියා ටැංකියක් කළ හදියක්

හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම කර්මාන්ත ශාලාවේ ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බවයි.

අද(19) දහවල් 1.20ට පමණ මෙය සිදුව තිබෙනවා.

මෙම ඇමෝනියා සහිත ටැංකියට වැටුණු පුද්ගලයා බේරා ගැනීම සඳහා ගම්වාසීන් පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එයින් පුද්ගලයින් 15 දෙනෙකු සිහිසුන් වීමෙන් හොරණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මිය ගොස් ඇති අනෙක් සිව් දෙනා ගම්වාසීන් වන බව ද පොලීසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!