Gossip

“ආදරය වනාහි ලෝකයේ ඇති බලවත්ම බලවේගයයි, ප්‍රේමයේදී තුන්වැනියෙකුගේ මැදිහත් වීමක් සිදුවන්නේ නම් එය ශක්තිමත් ප්‍රේමයක් නොවන්නේය”

සමහර ඡායාරූප පිටුපස සැඟවුණු කතා තියෙනවා.
ඒ වගේම ඒ ඡායාරූප දැක්කමහ ඒ ඇතුලේ තියෙන ගැඹුරු කතා හිතන්න ගොඩක් දේ ඉතිරි කරනවා.
මේ ඉහතින් තිබුණු ඡායාරූපය ගැන ලියවුණු අපූරු සටහනක්.
දින කිහිපයක සිට මෙි ජායාරූපය බොහොමයක් දෙනා අතර හුවමාරු වන බව දුටුවෙමි.
ඒ නිසා මෙි ජායාරූපය ගැන අදහසක් එකතුකිරිමට මටද සිත්විය.මෙි ජායාරූපය ගැන බොහෝ දෙනා විවිධාකර අදහස් ඉදිරිපත් කරාවි.නමුත් ඒ ජායාරූපය කතාකරන ජායාරූපයක්.මෙි පිලිබඳ ඔබටත් යමි අදහසක් අනිවාර්යයෙන් ඇති බව සිතමි.එසේ නමි මෙි ජායාරූපය ගැන මගේ අදහසයි.
මුලින්ම ඒ රූපය දෙස හොඳින් බලන්න.එය දකිනවිට එක්වරම කිසිදු අදහසක් ඔබට නොනැගේවි.නමුත් පසුව යමිකිසි අදහසක් දැනේවි.එය මෙසේ වන්නට පුලුවනි.”කොල්ලා අමාරුවෙන් වගේ කෙල්ලව යාලු කරගන්නවා.අර ඊටපස්සේ ඌ ගේමි ගහනවා.කෙල්ල බිත්තියක් බදිනවා.ඒ අස්සෙන් එකෙක් බිත්තිය කඩන්න හදනවා.” ඔන්න ඔහොම ඔබට සිතේවි.
නමුත් මෙි ජායාරූපයේ ඊටත් එහාගිය කතාවක මුල් පුරුකක් ලෙස නම් කල හැකිය.
“ආදරය වනාහි ලෝකයේ බලවත්ම බලවෙිගය” ලෙස වෝල්ටෙයාර් පවසා ඇත. ඔබ දුටුවාද ඒ මුල් ජායාරූපයේ පිරිමි ලමයා තුල එබදු බලවෙිගයක් ඔහු ඇයව අත්පත් කරගැනිමට අර ලෝකය නැමැති බැමිම කඩා පැමිණ තිබෙි.අපේ සංස්කෘතිකයට අනුව නමි සමහරවිට ඒය…. “කුලය,ජාතිය,වයස,දුප්පත්කම” වන්නට පුලුවනි. ඔහු ඒ සියලු බැමි බිදගෙන ඇය වෙත ආදරේ සලකුණ රැගෙන පැමිණෙන්නේ අහිංසක සිනාවක් සමගිනි.ඇයත් ඔහු එනතුරු බලාසිටියා විය හැකිය.ඔහුගේ මුහුණෙන් ජයග්‍රහණයක සේයාවක් මතු වි ඇත.”ආදරය වනාහි සියල්ල අත්පත් කරගැනිමක් බව” ඔහු සපථ කරයි.අපේ කාලේ ආදර කතා බොහොමයක් එසේමය.දිගුකාලයක් තිස්සේ බලාසිටිමෙන් පසුව ප්‍රේමය ජයගනි.නමුත් ඒ සෑබෑම ජයක් නොව ප්‍රශ්න ඇරඹුමක් වනුයේ එතැන් පටන්ය..සමහරවිට මෙි ලිපිය කියවන ඔබත් එබදු කැපකිරිමි සහිත පෙමක උරුමකරුවෙකු වනවා ඇත. එසේනම් මදකට සිතන්න.ඇත්තටම ඒ කැපකිරිම ඔබ විසින් සිදුකරානම් ඔබ එක්වර අලස වුයේ කෙසේද ඔබෙි පෙම වෙනකෙකු ඩැහැගෙන යනතුරු ඔබ බලාසිටිනවාද… ප්‍රේමයක් අත්පත් කරගැනිමට නම් ලිංග බේදයක් නොමැත.එය රැකගැනීමත් එසේමය.
නමුත් අහිමිවිමක නම් පොදුවේ සෘජුවම ඇගිල්ලක් එක්පාර්ශවයකට යොමු වනු ඇත.
බලන්න.. ප්‍රේමය දිනාගත් පසු ඔහු කාර්යබහුල වි ඇත.
දකිනවිට නම් ඔබට සිතෙනුයේ.”ආ ඌ ගේම් ගහන කොල්ලෙක්නේ…එකයි…”සමහරවිට ඔහුත් සාධාරණ වන්නට පුලුවනි.”අත්පත් කරගත් ප්‍රේමය මගේනේ එක නැතිවෙන්නේ නෑ”කියා ඔහු සිතාවි.නමුත් කැපකිරිමි කොට ලබාගත් ප්‍රේමයක් දෙස බොහොමයක් දෙනාගේ උකුසු අවධානය යොමුවන ඔබ නොදන්නවා ඇත.කාලානුරූපව පිරිමි පුද්ගලයන් කාර්යබහුල වනවිට ඔවුන්ට එතරමි උන්නදුවක් පෙර මෙන් සියල්ල අත්පත් කරගැනිමේ ආසාව වියැකි යයි.නමුත් ඔබ දුටුවාද ඔහු ඇයට ලබාදුන් අර රෝස මල් පොකුර ඒ රෝස මල් පොකුර ඇය බදුනක තබා රැකගනි.
නමුත් ඒ රෝසමල් මිට දැනටමත් පරවගොස්ය.
නෙලාගත් මලකට වුවත් නිසි සත්කාර නොමැති තැන එය පරවි යෑම සාධාරණය.එසේ ඒ මල පරවි යෑම වැලැක්වීමට නම් ඒ මල නෙලානොගත යුතුය.කෙසේවුවද ඇය කරන කාර්යය ඔබ දුටුවාද..ඇගේ පෙමිවතා විසින් බිදාදමා පැමිණි ඒ බැමිම ඇය යලිත් වසා දමනුයේ යලිත් කිසිවෙකුට පැමිණිය නොහැකි ලෙසය.
ගැහැනුන් කොහොමත් ආදරයේදි අතිශයින්ම ඊර්ෂ්‍යාකාරයෝය..අත්පත් කරගත් ආදරේ අහිමි කරගැනිමට නමි අකමැතිය.
ඇය විසින් ආදරය නැමැති බදාමයෙන් ලෝකය නැමැති බැමිම වසා දමමින් සිටි ඒ ඔවුන්ගේ ලෝකයට තවකෙකුගේ පැමිණිමක් අපේක්ෂා නොකරන බැවිනි.
ඔබ මමත් දන්නා කරුණක් නම් ප්‍රේමයේදී තුන්වැනියෙකුගේ මැදිහත් විමක් සිදුවන්නේ නමි ඒ ශක්තිමත් ප්‍රේමයක් නොවෙන බවයි.
කැපකිරිමි තුලින් ලබාගත් ආදරය එක්වර අහිමි කරගැනිමට කිසිවෙකුත් කිසිකලක කැමැති නැත.නමුත් ඒකපාර්ශ්විකව ආදරය රැකගැනිමට දරන උත්සාහයන් බොහොමයක් ව්‍යර්ථ වනුයේ එක් අයෙකුගේ කැපවිමට නිසි සැලකුමි නොමැති තැනය.
අසිමාන්තික ආදරය රැකගැනිමට ඇය වෙහෙසක් දරන බව පෙනේ.නමුත් කැපකිරිමි කොට ඇය දිනාගත් පෙමිවතාට ඇයව අමතක වි ගොස්ය.”ප්‍රියයන් ඔබෙි පලමු රාජකාරිය කරගැනිමට බැරි නමි අවමයෙන් අවධානයක් පවා”යොමුවිය යුතු බව මේ ජායාරූපය පසක් කරනු ඇත.මෙහිදි ඇගේ පෙමිවතාගේ හා ඇගේ මුහුණේ ඉරියවි සංසන්දනාත්මකව විමසා බලන්න.”ආදරයෙන් ලැබෙන වෙිදනාව අන් සියලු සතුටකටම වඩා රසවත්ය.
“ඒ බව මනාකොට පෙනියන්නේ නොවෙද.බැමිම ඉරිතලාගොස්ය…ඒසේ නමි බැමිම ශක්තිමත් නොවෙිද… ඔව්.. එක පාර්ශ්වයක කැපකිරිමි තුලින් පමණක් අාදරක් රැකගත නොහැකිය.සියලු හැගීම්වලට වඩා අාදර හැගිම බලවත්ය.එය මනසට මෙන්ම හදවතට ද එක්වර පහරදෙයි.
කෙසේ නමුත් ඒ බැම්මේ කෙලවර සිට යලිත් බිදීයෑම ආරමිභ වි ඇත.ඒ තවකෙකුගේ පැමිණිමකිනි.
පෙම්වතා ඇයට ගෙන ආවෙි රෝසමල් මිටකි.තුන්වැන්නා ගෙන එන්නේ මල්පොකුරකි.විශාල මල් පොකුරකි.ආදරයේදි වැදගත් වනුයේ තමාට ලැබෙන ප්‍රමාණයේ විශාලත්වය නොව තමාට අනිකා වෙනුවෙන් කල හැකි කැපකිරිමෙි විශාලත්වයයි….
කෙසේ නමුත් මෙි ජායාරූප ගැන විවිධාකර වු අදහස් ඔබ තුලත් ඇති බව දනිමි.යමි තරම් විට ඔබ දැනටමත් අාදරය කරන්නෙකු නම් ඔබෙි ජිවිතයට දැනටමත් තුන්වැනියෙකුගේ ආගමනය සිදු වි ඇතිනමි කැපකිරිමි කොට ලබාගත් ආදරය අහිමි නොකරගන්න.නමුත් ඔබ දෙදෙනාගේ ආදරය ශක්තිමත් නම් කිසිවිටකත් තුන්වෙනි පාර්ශ්වයක් එයට සමිබන්ධ නොවනු ඇත.
අවසාන වශයෙන් මෙසේ සටහනක් තබමි.. “කොචිචර කරත් යන ඒකා කොහොමත් යනවා.ඉන්න එකා ජිවිතයට මුණදෙන්න දැනගන්න ඕනා”; ඔබට ඒසේ සිතෙන්නටත් ඇති.දෙදෙනා එක්වර දෙදෙනා දෙස බැලිමකින් තොරව එකම දිසාවෙි සිට පිටත බලනවා නම් ප්‍රශ්නයන් හටගන්නේ ද නැත…..”ආදරය නිකන්ම ගලක් ලෙස හිදගෙන සිටින්නේ නැත.එය සෑදිය යුතුය.පාන් මෙන් නිතර නිතර සෑදිය යුතුය .අලුත් කල යුතුය”.හුදෙක් මෙය ඔබෙි ජිවිතයටත් දැනටමත් බලපා ඇති ප්‍රශ්නයක් විය හැකිය.සිතන්න විමසන්න.ඔබෙි ආදරයටත් තුන්වෙනි පාර්ශ්වයක් පැමිණ ඇතිදැයි කැපකිරිමි කොට ලබාගත් ආදරය අහිමි වි බොහොමයක් කල්ගත වි ඇති දැයි..ජායාරූපය ඔබට තවත් බොහොමයක් දේ පවසාවි.ඔබෙි සිතත් මේ ජායාරූපය ගැන බොහෝ දේ පවසාවි… ඔබත් ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!