Gossip

හාම්පුතාගේ වෙඩි පහරින් ජීවිතයට සමුදුන් ගෘහ සේවයේ නියැලුණු ප්‍රියංකා නිවසට

විදේශගතව සිටිය දී ඉකුත් මාර්තු මස 10 වන දා වෙඩි තබා ඝාතනය කරන ලද ප්‍රියංකා ජයසේකර නම් තිදරු මවගේ දේහය අද(19) අළුයම 1 ට පමණ ගාල්ල වඳුරඹ කටඹුරාව පිහිටි ඇගේ නිවසට රැගෙන විත් තිබෙනවා.

සෞදි අරාබියාවේ සේවය කරමින් සිටිය දී සිය හාම්පුතාගේ වෙඩි පහරකින් මියගිය 38 හැවිරිදි ප්‍රියංකා ජයසේකර ඝාතනය වී ඇත්තේ සෞදි අරාබියේ බුරේද්හ් හීදි බව සෞදි තානාපති කාර්යාලය සඳහන් කළා.

මෙම ඝාතනය සිදුකළ බව කියන 31 හැවිරිදි ඔහුගේ හාම්පුතාගේ පුතා මානසික රෝගයකින් පෙළෙන බවත් දඩයම් කිරිම සඳහා යොදා ගන්නා ගිනි අවියකින් මෙසේ ඇයට වෙඩි තබා ඇති බවත් පසුව ඔහුද වෙඩි තබා ගෙන සියදිවි නසා ගෙන ඇති බවත් සඳහන්.

මෙම ගෘහ සේවිකාවගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය සෞදියේ අල්රාස් රෝහලේ දී ද පසුව, ඊයේ දිනයේ දී ලංකාවේ දී පවත්වා තිබෙනවා.

ලංකාවේ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.එල්.රාහුල් හක් මහතා විසින් ඊයේ දිනයේ දී කරන ලද පරීක්ෂණයක දී ද අනාවරණය වී ඇත්තේ මෙම මරණය ගිනි අවියකින් නිකුත් වු මුනිස්සම් මඟින් පපුවේ අභ්‍යන්තර අවයවවලට සිදුවු මරණීය තුවාල හේතුවෙන් සිදුවු මරණයක් බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ගාල්ල වඳුරඹ කටඹුරාව, ප්‍රදේශයේ පදිංචි ප්‍රියංකා ජයසේකර මහත්මියගේ ඥාතීන් පවසන පරිදි පසුගිය 2017 වර්ෂයේ ඇය විදේශ ගත වී ඇත්තේ හතරවන වතාවටයි.

ප්‍රියංකාට දරුවන් තිදෙනෙකු සිටින අතර එක් දරුවෙකු හදවත් රෝගයකින් පීඩා විදින නිසා එම ප්‍රතිකාරවලට අවශ්‍ය වියදම් සොයා ගැනීම සඳහා මෙලෙස විදේශ ගත වී තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!