Gossip

තමන්ට කැමති කෙනාට ආදරය කරන්නවත් බැරි, කළමණාකරුවන්ගේ පදේට හැමදේම කරන්න වෙන Cheer Girls ඇත්ත ජීවිතය මෙන්න

මේ වෙද්දි මොන තරගයක් තිබ්බත් Cheer Girls ලා නම් හැමතැනකදීම වගේ දකින්න පුළුවන්.

දැන් දැන් ඒක අනිවාර්ය අංගයක් බවට පත්වෙලා ඉවරයි.

ඉතින් මේ Cheer Girls ලා දිහා බැලුවම ඔයාලාත් හිතනවා ඇති ඒ අය ඉන්නේ ගොඩක් සතුටින් කියලා.

හැබැයි ඉතින් මේ Cheer Girls ලා ගේ ජීවිතයේ පිටුපස තියෙන්නේ එතරම් සතුටු කතාවක් නම් නෙවෙයි. ඒක එක්තරා විදියක කඳුළු කතාවක්.

ඒ තමයි මේ තරුණියන්ට ගොඩක් නීති රීති මැද්දේ තමයි ඉන්න වෙලා තියෙන්නේ.

තමන් Cheer කරන කණ්ඩායමේ කළමනාකාරිත්වය තමයි මේ සියලු නීති තීරණය කරන්නේ.

ඒ වගේම එම තරුණියන් ආදරය කල යුත්තේ කවුද කියලා පවා තීරණය කරන්නේ කණ්ඩායමේ කළමනාකාරිත්වය.

කොහොමවුනත් මේ මොන නීතියට සේවය කරත් මේ අයට ලැබෙන්නේ නම් සොච්චම් වැටුපක්.

මේ තියෙන්නේ ගොඩක් Cheer Girls ලට පනවලා තියෙන මේවගේ නීති රීති කිහිපයක්.

ශරීරයේ බර ගැන දෛනිකව අවදානය යොමු කිරීම.
cheer කරන විට ආභරණ සියල්ල ගැලවිය යුතුය.
පච්චා ප්‍රදර්ශනය නොකළ යුතුය.
ජලය පානය කල හැක්කේ නියමිත විවේකයේදී පමණි.
පෙම් කල යුත්තේ ක්‍රීඩා සමාජයේ නීති රීති වලට අනුවය.
සාමාන්‍ය ඇඳුම් වලට මාරුවීමට කලින් ක්‍රීඩාංගනයෙන් ඉවත් විය යුතුය.
සමාජ ජාල ක්‍රියාකාරකම් සිමා කල යුතුය.
කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ පෞද්ගලිකව හෝ අන්තර්ජාලය ඔස්සේ කතා කල නොහැක.
ක්‍රීඩකයින් සමඟ එකම අවන්හලේ ආහාර ගත නොහැක.
තමා ආහාර ගන්නා අවන්හලට ක්‍රීඩකයෙක් ආවොත් ඉන් ඉවත්විය යුතුය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!