බොලිවුඩ්

“කුච් කුච් හෝතාහේ” දියණිගේ අලුත් ආසාව

පරණ මතකයක් අලුත් කරාට කමක් නැද්දත් මන්දා. හැබැයි ඉතින් ඒ පරණ මතකය වටා ගෙතිච්ච අලුත් කතාවකුයි මේ. මතකද කරන් ජෝහාර්ගේ “කුච් කුච් හෝ තාහේ” චිත්‍රපටිය.

ඒකේ ශාරුක්ගේ දුවට හිටියේ සානා සයීඩ්. එතකොට සානාට වයස අවුරුදු 10 යි. ඒ කාලේ අවුරුදු 10 ක් වුණ පුංචි ගෑණු ළමයා අද අවුරුදු 24 ක තරුණියක්. සානාගේ පළවෙනි චිත්‍රපටිය තමයි කුච් කුච්‍ හෝතාහේ කියන්නේ. පළවෙනි චිත්‍රපටියෙන්ම කින්ග් ඛාන් එක්ක රඟපාන්න තරම් සානා වාසනාවන්ත වුණානේ.

හැබැයි ඉතින් එතනින් පස්සේ අපි සානාව දකින්නේ 2000 දී. ඒ රාජ් කන්වර්ගේ “හර් දිල්ජෝ ප්යාර් කරේගා” කියන චිත්‍රපටියෙන්. ඊට පස්සේ “බාබුල් කා ආන්ගන් චෝටේ නා” වගේම “ලෝ හෝ ගයේ පූජා ඉෂ් ඝර් කී” චිත්‍රපටිවලත් සානා රඟපෑවා.

24 වන වියේ පසුවන සානා කරන් ජොහාර්ගේ “ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්” චිත්‍රපටියේ ටාන්යාගේ චරිතයටත් පණ පොවනවා. හැබැයි සානා ගොඩාක් ආසාවෙන්ලු ඉන්නේ ශාරුක් එක්ක වගේම සල්මන් එක්කත් රඟපාන්න.

ටාන්යාට කොච්චර නිර්මාණ ආවත් ඒවා හොඳට තෝරලා බලලා තමයි තීරණය කරන්නේ මොන චිත්‍රපටියට ද දායක වෙන්නේ කියලා. එයා කියන විදිහට එන එන හැම නිර්මාණයම භාර ගන්න එක හරීම මෝඩ වැඩක්.

සානා මේ වෙනකන් කරපු නිර්මාණ ගොඩක් කරන් ජොහාර්ගෙනේ. “කරන් කියන්නේ හරීම විනෝදජනක නියම අධ්‍යක්ෂකවරයෙක්. මට එයත් එක්ක වැඩ කරන්න ආයේ අවස්ථාවක් ලැබුණොත් මං ගොඩාක් ආසාවෙන් ඒක කරනවා” කරන් ගැන සානා කිව්වේ එහෙම කතාවක්.

කරන් කියන්නේ “නියම” කියන වචනය එක්ක ගැළපෙනම චරිතයක් කියලයි හැමෝම කියන්නේ. මොකද එයා කරන හැම චිත්‍රපටියක්ම සාර්ථක වෙන්නේ කරන්ගේ ඒ කියන නියම ප්‍රතිභාව නිසානේ. කොහොම හරි කමක් නෑ සානාගේ ආසාව ඉෂ්ට වෙයිද කියලා බලමුකෝ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!