බොලිවුඩ්

අමීර්, රාණි එක්ක කරීනා ගැටෙයි

පහුගිය කාලේ ගොඩාක් අයගේ කතාබහට ලක්වුණ චිත්‍රපටියක් තමයි තලාෂ් කියන්නේ. දැන් ඒක තිරගත වෙන්නත් ළඟ නිසා අපි හිතුවා අද රසවිත බොලිවුඩ් පිටුවෙන් ඒ ගැනත් විස්තර ටිකක් කියන්න ඕන කියලා.

“තලාෂ්” නොවැම්බර් මාසේ 30 වෙනිදා තිරගතවීම ආරම්භ කරන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රීමා කග්තී. චිත්‍රපටියේ මූලික වශයෙන් රූගත කිරීම් සිද්ධවෙලා තියෙන්නේ මුම්බායි, පොන්ඩිචෙරී හා ලන්ඩන්වල කියලයි අපිටනම් ආරංචි වුණේ.

අමීර් ඛා‍න්, රාණි මුඛර්ජී, කරීනා කපූර් වගේ සුපිරි බොලිවුඩ් තරු රැසක් මේ චිත්‍රපටියට දායක වෙලා තියෙනවා. සුර්ජාන් සින් ෂෙඛ්වාත් ඒ කියන්නේ අමීර් ඛාන් පොලිස් නිලධාරියෙක් විදිහටයි මේ චිත්‍රපටියේ රඟපාන්නේ. ශ්‍රියා බෝන්ද්‍රේ එහෙම නැත්තන් රාණි මුඛර්ජී තමයි සුර්ජාන් ගේ බිරිඳ. රෝසි කියන නමින් පෙනී ඉන්න කරීනා කපූර් චිත්‍රපටියේ විදිහටනම් ගණිකාවක්.

මේ අයගේ ජීවිත රටාවල් එකට ඈඳිලා හිතාගන්න බැරි විදිහට ඒ ජීවිත වෙනස් මගක යන කතාවක් තමයි චිත්‍රපටියෙන් කියැවෙන්නේ.

චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ අමීර් ඛාන්, ෆර්හාන් ඛාන් එක්ක රිතේෂ් සිධ්වානි කියන තුන් දෙනාම එකතුවෙලයි. ගීත ජවනිකා 6 ක් ඇතුළත් වෙන මේ චිත්‍රපටියේ සංගීතය කරලා තියෙන්නේ රාම් සම්පත්. ඒ සින්දු ලියලා තියෙන්නේනම් ජාවිඩ් අක්තාර්.

චිත්‍රපටියේ තිර පිටපත් ලියලා තියෙන්නේ අධ්‍යක්ෂණය කරපු රීමා කග්තී එක්ක සෝයා අක්තාර්.

හැම තැනම කතා වුණු තලාෂ් චිත්‍රපටිය තිරගත වුණාට පස්සේත් මේ වගේම කතා වෙයිද කියලා බලමුකෝ. මොකද තලාෂ්, දබාන්ග් 2, කිල්ලඩි වගේ ගොඩාක් කතා බහට ලක්වුණ චිත්‍රපටි ඔක්කොම කළ එළි බහින්නේ ළඟ ළඟමයිනේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!