බොලිවුඩ්

ශාරුක්, කත්‍රිනා, අනුෂ්කාගේ එකතුව එළියට ඇවිත් දවස් 20 න් කෝටි 120 ක් උපයයි

යාෂ් චොප්රාගේ අවසන් අධ්‍යක්ෂණ වන “ජබ්තක් හායි ජාන්” බොක්ස් ඔෆිස් වාර්තා තියලා කියලා බොලිවුඩයෙන් ආරංචි වුණා. තිරගත වෙලා තාමත් දවස් 6 ක් වුණු මේ චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 120 ට වැඩි ආදායමක් උපයලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.

මීට කලින් මේ වගේ වාර්තාවක් තිබ්බේ අජේ දේව්ගන් ඉන්න “සන් ඔෆ් සර්දාර්” චිත්‍රපටියයි. ඒ ඉන්දියා‍නු කෝටි 80.73 ක ආදායමක් උපයාගනිමින්.
තිරගතවීම පටන්ගත්ත අඟහරුවාදා කෝටි 15.23 ක්, බදාදා කෝටි 19.54 ක්, බ්‍රහස්පතින්දා කෝටි 14.45 ක්, සිකුරාදා කෝටි 11.17 ක්, සෙනසුරාදා කෝටි 10.38 ක් ඉරිදා කෝටි 9.96 ක් විදිහට තමයි මේ වාර්තාවට ඉන්දියාවෙන් ආදායම ලැබිලා තියෙන්නේ.

ශාරුක් ඛාන්, කත්‍රිනා කයිෆ් වගේම අනුෂ්කා ශර්මා ඉන්දියාවෙන් එපිට මේ චිත්‍රපටිය ප්‍රචාරණය කරලා ලබපු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 41.7ක්. පොඩි නෑ නේද සෙල්ලම.

බොලිවුඩ් සිනමා පට හදන්න විශාල වියදමක් දරනවා වගේම තමයි ඒවා සාර්ථක වෙද්දී ලබන ආදායමත්. මොකද ඉතින් ඉන්දියාවේ මිනිස්සුන්ට චිත්‍රපටි කිව්වොත් ඊට එහා ගිය දෙයක් නෑනේ. ඒකෙන් තමයි ඉතින් දෙයියනේ කියලා බොලිවුඩයේ සිහින මාළිගා ටික රැඳිලා  තියෙන්නේත්.

4 Comments

4 Comments

  1. සලින්ද - හලාවත

    November 20, 2012 at 4:36 pm

    කරුණානිධිලා ජයලලිතලා වගේ පොලිටික්කො වෙනුවෙන් ගිනිතියන් මැරෙන්න රෙඩි පිට ඉන්න හුචස්-වීරයො ඉන්න රටක මේවා පුදුම ද?

    • Gfhhgh

      December 20, 2012 at 9:19 am

      The aibitly to think like that shows you’re an expert

  2. Pharmd714

    February 22, 2013 at 4:21 am

    Hello! ceadegc interesting ceadegc site! I’m really like it! Very, very ceadegc good!

  3. Pharmd110

    February 22, 2013 at 4:21 am

    Hello! fkddade interesting fkddade site! I’m really like it! Very, very fkddade good!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!