Gossip

ෆේස්බුක් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප පෙන්වා තර්ජනය කළ තරුණයා පොලීසියට කොටුවෙයි

සමාජ මාධ්‍ය සමහරු සිය සමාජ විරෝධී කටයුතු සඳහා යොදාගන්නා අවස්ථා සම්බන්ධයෙන් මේ වනවිට නිතර නිතර අසන්නට ලැබෙනවා.

මෙයද එවැනි සිදුවීමක්.

නුවරඑළිය පොලීසිය විසින් පසුගියදා 18 හැවිරිදි තරුනයෙක්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුට එල්ල වූ චෝදනාව වූයේ පාසල් සිසුවියකගෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගත් නිරුවත් ඡායාරූප පෙන්වා එම පාසල් සිසුවියට තර්ජනය කිරීමයි.

එම සැකකරු නුවරඑළය මහෙස්ත්‍රාත් ජී. ජී. ප්‍රදීප් ජයසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු 12 වදනා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක්.

මේ සැකකරු සමාජ මධ්‍ය හරහා පාසල් සිසුවියක් දැන හඳුනාගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් අනතුරුව පාසල් සිදුවියට වීඩියෝ ඇමතුම් ලබාගෙන ඇයයේ නිරුවත් ඡායාරූප දුරකථනය හරහා පටිගත කරගෙන තිබෙනවා.

පටිගත කරගන්නා ලද සියලුම නිරුවත් විඩියෝ දර්ශන යළිත් පාසල් සිසුවිය වෙත යවා ඇති සැකකරු පාසල් සිසුවියට තර්ජනය කර තිබෙනවා.

පාසල් සිසුවිය ඒ සම්බන්ධයෙන් ඇගේ මවට දැනුම් දී ඇති බව පොලීසිය පැවසුවා.

පාසල් සිසුවියගේ මව විසින් සැකකාර තරුණයාට දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවේ මවගෙන්ද නිරුවත් විඩියෝ දර්ශන කිහිපයක් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, මව විසින් නුවරඑළිය පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව නුවරඑළිය මූලස්ථාන පොලීසියේ නිලධාරීන් සැලසුම් සහගතව ක්‍රියාත්මක වී සැකකරු ඉතා සූක්ෂම ලෙස නුවරඑළිය ට කැඳවා ගෙන අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!