Gossip

සොල්ටාගේ පෙම්වතියගේ නිවස කොල්ලකෑමට පැමිණි ඌරු ජුවාගේ ගෝලයා ගුටිකා මරුට

 

මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගිය පාතාල කල්ලි සාමාජිකයෙකුට ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීමකදී ඔහු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඔහු ඌරු ජුවා නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බවයි.

මුල්ලේරියාව, චන්ද්‍රිකා මාවත ප්‍රදේශයේ පිහිටි නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන නිවසකට ඊයේ (31) රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ එම නිවැසියන් සිරකර තර්ජනය කරමින් ඔවුන්ගෙන් මුදල් හා රන් භාණ්ඩ ඉල්ලා තිබෙනවා.

පොලිසිය පැවසුවේ පැය දෙකහමාරකට ආසන්න කාලයක් සැකකරුවන් එම නිවස තුළ රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ නිවැසියෙකු ඉන් පිටතට පැමිණ කෑ ගසා ඒ පිළිබඳව අසල්වාසීන් දැනුවත් කර ඇති බවයි.

එම අවස්ථාවේදී නීතිවිරෝධී මත්පැන් මිලදී ගැනීමට එහි පැමිණි පිරිසක් විසින් අදාළ පුද්ගලයන් දෙදෙනාව අල්ලා ගැනීමට උත්සාහ කර ඇති අතර එක් අයෙකු යතුරු පැදියක නැගී පළාගොස් තිබෙනවා.

එහිදී අනෙක් පුද්ගලයාව අල්ලාගත් පිරිස ඔහුට දැඩි ලෙස පහරදී ඇති අතර ඉන් ඔහු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

පහර කා මරුමුවට පත්වූ පුද්ගලයා, මියගිය ඌරු ජුවා නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වූ චතු නැමැත්තා බවට සැකකරන බවද පොලිසිය සඳහන් කළා.

ඔහු ඝාතන සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය මාසයේදී නිදහස ලැබූ අයෙක්.

මොහු විසින් කොල්ලකෑමට ගිය නිවස මියගිය තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන සොල්ටා නැමැත්තාගේ පෙම්වතියගේ නිවස බවද වාර්තාවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධික්ෂණය යටතේ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් විමර්ශන සිදුකරනු ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!