Gossip

කොවිඩ් නිසා පාසලක පළමු ශ්‍රේණියේ පන්තියක් වැසේ

මහරගම පිහිටා ඇති බාලිකා පාසලක පළමු ශ්‍රේණියේ පන්තියක් කොවිඩ් අවදානමක් මතුවීම හේතුවෙන් හදිසියේ වසාදමා තිබෙනවා.

පසුගිය දින කිහිපයේ එම පන්තියට පැමිණි දැරියන් අතරින් එක් දැරියක් කොවිඩ් ආසාදිතව සිට ඇති බවට ඊයේ (02) හඳුනාගෙන තිබුණා.

දැරියට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නොමැති අතර ඒ පිළිබඳව පාසලට දැනුම්දී ඇත්තේ දැරියගේ දෙමව්පියන්.

එම දැරියගේ දෙමව්පියන් විසින් පන්තිභාර ගුරුතුමියට ඒ බව දැනුම්දීමෙන් පසු ගුරුතුමිය විසින් අනෙකුත් දෙමව්පියන්ට ඒ බව දැනුම්දී තිබෙනවා.

ඒ වනවිටත් එම දැරිය දින 3ක් පාසල් පැමිණ තිබුණා.

මේ වනවිට ගුරුවරියට PCR පරීක්ෂණයක් සිදුකිරීමට නිර්දේශ කර තිබෙන බවටද වාර්තා වුණා.

දැරියන් 36 දෙනෙකුගෙන් යුත් අදාළ පන්තිය කොටස් දෙකක් යටතේ පවත්වා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර ලබාදීමට පාසලේ බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති අතර ඒ පිළිබඳව දෙමව්පියන් කනගාටුව පළ කරනවා.

අදාළ පන්තිය පමණන් නවතා ප්‍රාථමික අංශයේ අනෙකුත් පන්ති පවත්වාගෙන යන බවද දෙමව්පියන් දැඩිදුරටත් සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!