Gossip

ෆ්ලෑෂ්බැක් සංගීත ප්‍රසංගයේ වේදිකාව හදිසියේම කඩා වැටෙයි

ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සහභාගීවීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට පෙර වේදිකාවක් කඩා වැටී තිබෙනවා.

ඒ වේයන්ගොඩ ප්‍රදේශයේදීයි.

කොහොමවුනත් මේ අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුරින් සංගීත භාණ්ඩවලටද හානි සිදුව නොමැති අතර විදුලි බල්බ වලට සුළු හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රසංග වේදිකාවේ වහලයේ ආලෝක පද්ධතිය සවිකිරීමෙන් අනතුරුව හවස 6.30ට පමණ නව තාක්ෂණය අනුව වහලය ඉහලට එසවීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

වේයන්ගොඩ නාරන්වත්ත ප්‍රදේශයේ සියනෑ ක්‍රීඩා පිටියේ පැවති අවුරුදු උළෙලකින් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගය මේ හේතුවෙන් කල්දැමීමට තීරණය කර තිබෙනවා.

මේ ගැන රොෂාන් ප්‍රනාන්දුද සිය මුහුණු පොතට එක්කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!