Gossip

අවුරුද්දට අනියම් බිරිඳ බලන්න ගිය පොලිස් නිළධාරියා ඇයට පහර දීලා කොණ්ඩෙත් කපලා

අනියම් බිරිඳට පහරදී ඇයගේ කෙස්වැටිය කපා දැමූ බව කියන පොලිස් නිලධාරියෙක් පිළිබඳව හලාවත ප්‍ර දේශයෙන් වාර්තා වනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක්ය.

ඇය කලක පටන් සිය සැමියාගෙන් වෙන්ව සිටින බවයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

වසර දෙකක කාලයක් තිස්සේ සැකකාර පොලිස් නිලධාරියා තමන් සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බවයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

පසුගියදා අවුරුද්දට ඔහු සිය නිවසට පැමිණි බවත් එහිදී තමන්ට පහරදුන් බවත් සඳහන් කරමින් එම කාන්තාව මෙලෙස හලාවත පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පසුගිය 16 වැනිදා රාත්‍රී නැවත අනියම් බිරිඳ සොයා පොලිස් නිලධාරියා පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසුව අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් පැමිණිලිකාරියගේ දිගු කේස් වැටිය කපා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුවයි සිද්ධිය පිලිබඳව එම කාන්තාව හලාවත පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හලාවත පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!