Gossip

හෝටල් කාමරයක් නිසා සුපිරි නළුවෙකු මහමගට වැටෙයි

කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ John Kasich හට නැවතත් එම දුරයට පැමිණීම සඳහා හිටපු ආණ්ඩුකාර සුපිරි නළු Arnold Schwarzenegger සහය පලකරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර ඔහු පිළිබඳව ලෝකයේම අවධානය යොමුවූයේ සිය පිළිරුව අසල බිම නිදාගෙන සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත්වීමත් සමඟයි.

මෙයට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කර තිබුනේ ඔහුගේ ප්‍රතිමාවක් ඉදිරියේ නිර්මාණය කරමින් ඉදි වූ හෝටලයක ඔහුට කාමරයක් වෙන්කර නොදීම බවයි.

මෙම හෝටලය ඉදිකළ දින එහි හිමිකරු එවකට කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ Arnold Schwarzenegger ට පවසා තිබෙන්නේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔහුට එම හෝටලයේ නොමිලේ කාමරයක් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් මේවන විට ආණ්ඩුකාර දුරයෙන් විශ්‍රාම ගොස් සිටින Arnold Schwarzenegger පසුගිය දිනෙක අදාල හෝටලයේ නවාතැන්ගැනීම සදහා ගියවිට ඔහුට පවසා තිබෙන්නේ මුදල් ලබාදුන්නොත් පමණක් තමාට කාමරයක් වෙන්කරවා දිය හැකි බවයි.

මෙයින් සිත්තැවුලට පත් වූ Arnold Schwarzenegger, හෝටලය ඉදිරියේ නිම වූ ඔහුගේ ප්‍රතිමාව ඉදිරියේ නිදාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කරමින් Arnold Schwarzenegger, ප්‍රකාශ කළේ බලය නොමැතිව තමා අසරණ වූ අවස්ථාවක තමාගේ පිළිසරණට කිසිවෙකු නොමැති බවයි.මේ හේතුවෙන් කවුරුත් කෙරෙහි විස්වාසයක් නොමැති බවද ඔහු පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!