Gossip News

හොරෙන් ගෙට පැන රූපවාහිනියක් සහ කාන්තා යට ඇඳුමක් සොරකම් කරලා

ඇල්ල හල්පෙ ප‍්‍රදේශයේ නිවසකින් රුපියල් 35,000 ක් වටිනා රූපවාහිනී යන්ත‍්‍රයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු සැකකරුවකු මේ මස 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල මහෙස්ත‍්‍රාත්වරයා පෙරේදා (03) දා නියෝග කළේය.

බදුල්ල පුවක්ගොඩමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු මෙසේ රිමාන්ඞ් ගත කෙරිණි.

අදාළ නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක ජනේලයකින් නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවත් මෙය මානසික ආබාධිත පුද්ගලයකු විසින් සිදුකළ බවට පොලිසිය නොමඟ යැවීම පිණිස එම නිවසේ තිබූ කාන්තා යට ඇඳුමක්ද සැකකරු විසින් රැගෙන ගොස් ඇතැයිද පැවසේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!