Gossip News

කොවිඩ් කතට තෙල් මැතිරූ ගුරුන්නාන්සේ නිරෝධායනයට

මාතර ප්‍රදේශයේ මඟුල් ගෙදරක කැවුම් ඉවීමට ගිය යක්කලමුල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇත.

මනමාලයාට කොරෝනා ආසාදනය වීම නිසා එම මංගල්‍යයට සහභාගි වූ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර තිබුණි. මෙම කාන්තාවද නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී කළ පී.සී.ආර්. පරීක්ෂණයට අනුව ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්​තොට රෝහල වෙත යොමුකොට තිබේ.

මෙම කාන්තාවට උණ වැලඳීමත් සමග ගුරුන්නාන්සේ කෙනකු ඇයට තෙල් මතුරා ඇත. ඒ හේතුවෙන් එම ගුරුන්නාන්සේ සහ ඔහුගේ පවුලේ අයද නිරෝධායනයට ලක්කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!