Gossip News

පෙම්වතා සමඟ ගිය දැරිය, පෙම්වතා පහරදීමෙන් පසු මව සොයා ඇවිල්ලා

පේ‍්‍රම සම්බන්ධයක් මත නිවසට හොරා පෙම්වතා සමග ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් මාස දෙකකට පසුව පෙම්වතා පහරදීමෙන් මව සොයාගෙන නිවසට පැමිණීමේ සිද්ධියක් මාරවිල පොලිසියට ලැබී ඇති පැමිණිල්ලකින් වාර්තාවේ.

මාරවිල මැදමාවිල ප‍්‍රදේශයේ පදිංචි දැරිය 9 වසරේ අධ්‍යාපනය ලබමින් මව සමඟ නිවසේ ජීවත්ව ඇත. වසරක පමණ කාලයක් පෙම්වතකු ඇසුරු කළ ඇය මවට නොදන්වාම පෙම්වතා සමඟ යතුරුපැදියකින් ගොස් තිබේ.

පෙම්වතා පන්නල ලිහිනියාගම ප‍්‍රදේශයේ අයෙකි. ඔහු දැරියව ඔහුගේ මිතුරකුගේ නිවසට කැඳවාගෙන ගොස් එදින රාත‍්‍රියේ ඇයත් සමඟ අඹුසැමියන් සේ ගතකර ඇත.

ඉන්පසු පෙම්වතා ඇයව තම නිවසට කැඳවාගෙන ගොස් තිබේ. පෙම්වතාගේ මව ඇයව ඇගේ මවට බාරදීමට කැඳවාගෙන ගොස් ඇතත් මව තම දියණිය බාරගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ නිසා පෙම්වතා ඇයව කුලී නිවසකට කැඳවාගෙන ගොස් ඇයත් සමග ජීවත් වෙමින් වරින් වර දෙදෙනාම ඇයගේ මව බැලීමට ගොස් තිබේ. ඇය නිතර තම මව බැලීමට යෑම ගැන කෝපයට පත් පෙම්වතා ඇය සමග බහින්බස්ව පහරදී ඇත.

ඉන්පසු දැරිය තම රෙදිපිළිද ගෙන මවගේ නිවසට පැමිණ තිබේ. මව ඇය සමග මාරවිල පොලිසියට පැමිණ සිද්ධිය දැනුම්දීමෙන් පසුව වින්දිත දැරියගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන පෙම්වතා වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!