Gossip News

සිඟමන් යැද ජීවත් වූ ආබාධිතයාගේ රෝද පුටුව සොරාගෙන

පාදයක් අහිමි වීමෙන් පසු සිඟමන් යදිමින් සිටි වවුනියාවේ ඉලූප්පයාඩි ප‍්‍රදේශයේ යාචකයකු සතුව තිබූ එකම වස්තුව වූ ඔහුගේ රෝද පුටුව සොරා ගෙන ඇති බවට ඔහු පෙරේදා (3) දා වවුනියාව පොලිසියට පැමිණිලි කොට තිබේ.

පළාතේ ගම්මාන කීපයක් වෙත රෝද පුටුවෙන් ගොස් සිඟමන් යැද රාත‍්‍රියේ ඉලූප්පයාඩි ප‍්‍රදේශයට පැමිණ නිදා සිටියදී ඔහුගේ රෝද පුටුව කවරෙකු විසින් හෝ සොරකම් කොට ඇති බව පවසන්නේ හැඬූ කඳුලෙනි.

හදිසි අනතුරක් නිසා ඔහුගේ පාදය අහිමි වී ගිය බවත්, ඔහුට සලකන්නට කිසිදු අයකු නොමැති නිසා එක් පාදයක් අහිමි වූ ඔහු, රෝද පුටුවේ ආධාරයෙන් තැනින් තැන ඇවිදිමින් සිඟමන් යැද ජීවත් වූ බවද ඔහු පොලිසියට පැවසීය.

වවුනියාව පොලිසිය එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!