Gossip

හෙටින් ඇරඹෙන ක්‍රිකට් සටනේ නායකත්වය චන්දිමාල්ට – සංගා සහ හේරත් ලංකාවට එරෙහි වෙයි

ක්‍රිකට් ක්‍රීඩාවේ කාලෙන් කාලෙට විවිධ වෙනස්කම් සිද්ධවෙනවානේ.

දවස් ගණන් ක්‍රීඩා කරපු ටෙස්ට් තරඟවලින් පසුව එක්දින තරග හදුන්වා දුන්නා.

ඒ එක්දින තරඟවලදී T20 තරග රටාවද ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්‍රිය වුණා.

හැබැයි දැන් ඊට වඩා වේගවත් තරග රටාවක් හඳුන්වලා දෙන්න හදනවා. ඒ තමයි T10. එනම් පන්දුවාර 10 තරගාවලියක්.

ඒ අනුව මුල්ම T10 තරඟාවලිය සෞදියේදී ආරම්භ වනවා. කණ්ඩායම් 06ක් සහභාගී වන මේ තරඟයට ලංකාවෙනුත් කණ්ඩායමක් යනවා.

දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන මෙම කණ්ඩායමට ඩිල්ෂාන් මුණවීර, ඇන්ජලෝ පෙරේරා, රමිත් රඹුක්වැල්ල, සචිත්‍ර සේනානායක වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් ඇතුලත් වනවා.

ඒවගේම තමයි ලංකාවේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර සහ සුපිරි වමත් දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් මේ තරඟාවලියට ක්‍රීඩා කරනවා.

ඒත් ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන්නේ ලංකාවට නම් නෙවෙයි.

කොහොමවුනත් මේ තරඟාවලියේ ශූරතාව කාට හිමිවෙයිද කියලා ක්‍රිකට් ලෝලීන් බලාගෙන ඉන්නවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!