Gossip

පළමු ජය අමතක වෙන්නම ඉන්දියාව, ශ්‍රී ලංකාවට ක්‍රිකට් පාඩම් ඉගැන්වූ හැටි මෙන්න

අද පැවැත්වුණු ඉන්දියා ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය ලකුණු 141 කින් ජයගැනීමට ඉන්දියාවට හැකිවුණා.
මෙහාලිහිදී මෙම තරගය පැවැත්වුණු අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.
ඒ අනුව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 392 ක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුණා.
නායක රෝහිත් ශර්මා සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 208 ක් රැස් කළා.
ශ්‍රෙයාස් අයියර් ලකුණු 88 ක් හා ශිකර් ධවාන් ලකුණු 68 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු අටක් දැවී ලබාගත්තේ ලකුණු 251 ක් පමණයි.
සිය දෙවැනි එක්දින ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 111ක් ලබාගත්තා.
තුන්වැනි එක්දින තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!