Gossip

හිරගෙට ගිය මන්ත්‍රී රංජිත් සොයිසාට කට වැරදුනු නිසා තවත් බාල්දියක් පෙරළෙයි – වීඩියෝ

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවට පසුගියදා රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.
මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අවස්ථාවේදී ඔහුට තවත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුව ඇති බව අපට වාර්තා වනවා.
ඒ පසුගියදා දෙරණ වාදපිටියේදී සිදුකළ ප්‍රකාශයක් නිසා.
ඔහු දෙරණ වාදපිටියට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නක්.

නියෝජ්‍ය නායකයා හැටියට සිටින කෙනාගේ සහෝදරයෙක් හොර සල්ලි ගහලා අහුවෙලා ඇත්ත මහින්ද මැතිතුමා බේරලා යැව්වා. ඒක හරි නෑ ඒ වෙලේ හිරේ දාන්න තිබුණේ.. ඒත් බේරලා යැව්වා.
දුලාංජලී ප්‍රේමදාස මහත්මිය හොර සල්ලිත් එක්ක බම්බලපිටියේ බැංකුවකට ගිහින් 5000 කොලවලින් දෙනකොට මහින්ද මැතිතුමා බේරලා යැව්වා.

මෙම සිද්ධියට දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් බන්ධනාගාරගතව සිටින රංජිත් සොයිසා මන්ත්‍රීවරයාට එන්තරවාසියක්ද යවා ඇති බවයි වාර්තා වන්නේ.

දෙරණ වාදපිටියේදී රංජිත් සොයිසා මන්ත්‍රීවරයා එල්ල කළ චෝදනාව දැක්වෙන වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!