Gossip

කරන්දෙණියේ පෙරහැරකදී අලියෙකුගේ පහරදීමෙන් ඇත්ගොව්වා අවසන් ගමන් යයි – හදවත් සසල කළ සංවේදී දසුන මෙන්න – වීඩියෝ

කරන්දෙණිය ප්‍රදේශයේ පෙරහැරක් අතරතුර පෙරෙහැරේ ගමන් කළ අලියෙකු සිදුකළ පහරදීමකින් ඇත්ගොව්වෙකු මියගොස් තිබෙනවා.
ඊයේ(23) මධ්‍යම රාත්‍රියේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි රිදීගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර මෙම සිද්ධියෙන් පසු අලියා ප්‍රදේශයේ නිවාස කිහිපයකට ද හානි සිදුකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
පසුව වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සහ පශු වෛද්‍ය කණ්ඩායමක් එක්ව අලියා නිර්වින්දනය කර අල්ලාගෙන ඇති බව සඳහන්.
මියගිය ඇත්ගොව්වාගේ මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර කරන්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!