Gossip

හිටපු ජනාධිපතිවරිය අත්අඩංගුවට

හිටපු දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ගුන් හේට එරට අධිකරණය වසර 24ක සිර දඩුවම් පනවා තිබෙනවා.

අල්ලස් ගැනීම, බලය අවභාවිතය සහ රාජ්‍ය රහස් හෙළි කිරීම යෙදීම ඇතුළු චෝදනා ගණනාවක් ඇයට එරෙහිව ඉදිරිපත්ව තිබුණා.

පසුගිය වසරේදී දකුණු කොරියාවේ උපරිමාධිකරණය විසින් ජනාධිපතිනී පාර්ක් ගුන් හේ තනතුරින් පහකර තිබෙනවා.

විනිසුරුවරුන් අටදෙනෙකු විසින් ගන්නා ලද ඒකමතික තීරණයකින්, ජනාධිපතිනිය දෝෂාභියෝගයකට ලක්කිරීම සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් අනුමතකළ ව්‍යවස්ථාමය අධිකරණය, බලයේ සිටි කාලය තුළ ඇය නීතිය සහ ව්‍යවස්ථාව දැඩි ලෙස උල්ලංඝණය කර ඇති බව එහිදී පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

සිර දඬුවමට අමතරව ඩොලර් මිලියන 17ක දඩ මුදලක්ද පැනවීමටද එරට අධිකරණය නියම කොට තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!