Gossip

උසස්පෙළින් දිස්ත්‍රික්කයෙන් 61 වූ අලුත්ගම දර්ගානගර්වල සිටි දසුනි ජීවිත ගමන නිමා කරයි

පසුගිය වසරේ පැවැති අපොස උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵලයෙන් කළුතර දිස්ත්‍රික්කයේ 61 වැනි ස්ථානය හිමිකර ගත් සිසුවිය පසුගියදා (01) මියගොස් ඇති බවට අලුත්ගම පොලිසිය පවසනවා.

අලුත්ගම, දර්ගානගරය, මාලේවනවිල පදිංචිව සිටි කංකානම්ගේ දසුනි තරුෂිකා නමැති 20 හැවිරිදි සිසුවිය මෙසේ සිය නිවෙසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති අතර ප්‍රේම සබඳතාවක් බිඳීම මෙයට හේතුව විය හැකියැයි මවුපියෝ සැක පළ කරනවා.

කළුතර නාගොඩ මහරෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණය මෙහෙයවූ කළුතර නාගොඩ මහරෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු නිහාල් ජයනෙත්ති මහතා සඳහන් කළේ දරුවන්ට ජීවිතය කියාදීම වෙනුවට විභාග සමත් කරවීම පමණක් කියාදීමෙන් තරුණ ජීවිතයක් අහිමිව ඇති බවයි.

මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් මියගිය සිසුවියගේ මව බෝදුරගේ දිලුපා නිලානි නමැති තිදරු මව පවසා ඇත්තේ මෙවැන්නක්.

මියගොස් ඇති මාගේ වැඩිමහල් දියණිය පසුගිය වසරේ පැවැති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් කලා අංශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ 61 වැනි ස්ථානයට පත්ව තිබුණා. කළුතර ගුරුළුගෝමි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඇගේ ප්‍රතිඵල අප සියලු දෙනාට විශාල සතුටක් වුණා. විශ්වවිද්‍යාලයට යෑමට අපේක්ෂාවෙන් හිටියා. මාගේ දියණිය පාසල් කාලයේදී හෝ අමතර පන්තිවලට යන කාලයේදී ප්‍රේම සබඳතාවක් තිබුණාදැයි නොදනිමි. සමහර විට ඇය පාසල් යන කාලයේදී හෝ පෞද්ගලික පන්තියකට යනවිට ඇතිවූ ප්‍රේම සබඳතාවයක් බිඳ වැටීමෙන් මෙම අවාසනාවන්ත තීරණය ගත්තාදැයි නොදනිමි.

අප්‍රේල් පළමුදා දියණිය නිවෙසේ ඉතා සතුටින් ගතකළා. සරසවි වරම් හිමි සතුට වෙනුවෙන් ඇඳුම් පවා රැගෙන තිබුණා. එදින සැමියා අපට අයත් ඉඩමක වැඩට ගොස් තිබුණා. මා බාල දියණිය ඇගේ උපකාරක පන්තියකට රැගෙන ගියා. වැඩිමල් දියණිය පමණක් නිවෙසේ රැඳී සිටියා.

බාල දියණිය උපකාරක පන්තියට ඇරලවා ආපසු නිවෙසට එනවිට නිවෙසේ උඩු මහලේ විදුලි පංකාවක සාරියක් ගැටගසා වැඩිමල් දියණිය ගෙල වැලලාගෙන සිටියා. මා එය දැක කෑ ගසා අසල්වාසීන් පැමිණ දියණිය දර්ගා නගරය රෝහලට ගෙන ගියා. වෛද්‍යවරු දියණිය පරීක්ෂා කර ඇය මියගොස් ඇති බව කීවා.

මා සහ සැමියා මේ දරුවන්ට කිසිම දුකක් නොදී පණ මෙන් රැක ගත්තා. එහෙත් මෙලෙස ඉහළ ඉගෙනුමක් ලබා සිටියදී සුළු හෝ සිත් තැවුලක් මත දියණිය ගෙන ඇති හදිසි තීරණය නිසා අපට ඇය අහිමි වුණා. මා හෝ සැමියා මේ දරුවාට කිසි විටෙක තරවටු කර නැත. දියණිය මේ තීරණය ගැනීමට හේතුව මට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකියි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!