Gossip

ජීවිතය එපා කියමින් සිරගෙට ගිය සුපිරි නළු සලමන් ඛාන් දැඩි තීරණයක් ගනී – රසිකයින් හඬා වැලපෙයි

මුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ වරදට බොලිවුඩ් නළු සලමන් ඛාන්ට ඊයේ වසර 5 ක සිරදඩුවම් නියම කිරීමට එරට අධිකරණය පියවර ගත්තා.
ඒ අනුව සලමන්ව ඊයේ ජෝද්පූර්හි සිරගෙදරකට රැගෙන ගිය අතර ඔහු එහි රාත්‍රිය ගතකර තිබුණා.
එම හිරගෙදරින් ලබාදුන් චපාති, පරිප්පු සහ ගෝවා ආහාරය සලමන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තවද අද උදෑසන ලබාදුන් තේ කෝප්පයද ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව දිගින් දිගටම සලමන් මෙසේ කළහොත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනු ඇති බවයි මාධ්‍ය සඳහන් කරන්නේ.
සලමන්ට ආදරය කරන රසිකයින් සලමන්ට ලැබුණු මේ තීන්දුව නිසා සිත්තැවුලෙන් පසුවන බවද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!