Gossip

රියදුරු පුහුණුවට එන කාන්තාවන්ට පුහුණුකරුවන් අතවර කරනවා – අමාත්‍යවරයෙක්ගෙන් හෙළිදරව්වක්

මධ්‍යම පළාතේ පවතින පෞද්ගලික රියැදුරු පාසල්වලින් රියැදුරු පුහුණුව ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන්ට සහ තරුණියන්ට රියැදුරු පුහුණුව ලබාදීමේදී නොයෙක් හිංසා පීඩා සහ අතවර සිදුවන බව මධ්‍යම පළාත් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා පළාත් සභාවේදී පවසා තිබෙනවා.

යතුරුපැදි සහ මෝටර් රථ පුහුණුව ලබාගැනීමට පැමිණෙන කාන්තාවන් සහ තරුණියන් හිංසනයට ලක්වන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නා. මෙම අතවර සහ හිංසනයන් පිළිබඳව එම කාන්තාවන් සහ තරුණියන් හෙළි නොකරන්නේ තමා රියැදුරු පුහුණුවෙන් අසමත් කරයි යන බිය නිසා බවද ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

මෙම රියැදුරු පාසල්වලින් පුහුණුව ලබාදෙන නමුත් ඒ පිළිබඳව කිසිවෙකුගේ අධීක්ෂණයක් සිදු නොකරන බවත් ඇතැම් පුහුණුකරුවන් කාන්තාවන් සහ තරුණියන්ගේ දුරකථන අංක ඉල්ලා අනවශ්‍ය කරදර කරන බවටද තමාට පැමිණිලි ලැබි ඇති බවත් ඇමැතිවරයා පවසනවා.

රාත්‍රී කාලයේ අනවශ්‍ය දුරකථන ඇමැතුම් ලබාදීමද මහත් හිරිහැරයක් බව ඔවුන් පවසන බවත් ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසද අමාත්‍යවරයා සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවද ඇමැතිවරයා පෙන්වා දී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!