Gossip

හැමදේම අතහැරලා රටඉඳි කන්න පටන් ගමුද..?

ෆොසිල වාර්තා අනුව වසර මිලියන 50 කට ආසන්න කාලයක් තිස්සේ රටඉඳි ආහාරයට ගත් බව පැවසේ. මේ වන විට ලෝකය පුරා විවිධාකාරයෙන් ආහාර සඳහා භාවිත කරන රටඉඳි, වසර දහස් ගණනක් පුරාවටම මැදපෙරදිග සහ ඉන්දු නිම්නයෙහි ප්‍රධාන ආහාරයක් ලෙස භාවිතයට ගෙන තිබේ.

රටඉඳි නිසියාකාරව ගබඩා කර තෙතමනය රඳවා තබාගත් විට කෑමට ප්‍රියජනක වේ. වර්තමානයේ බොහෝ විට අපගේ ආහාරයට එක්කරගන්නේ ස්වභාවිකවම ඉඳුණු රටඉඳි නොව මඳක් පැසුණු ගෙඩි යන්ත්‍රානුසාරයෙන් තලා සීනි එක්කොට සාදාගත් රටඉඳිය. හොඳම රටඉඳි තද දුඹුරු පැහැයෙන් යුතු අතර පිට පැත්තේ පැණි ගතියකින් තොර වේ. එමෙන්ම මිහිරි පැණි රසයකින් යුතුය. රටඉඳි ශරීරයේ බලය, ශක්තිය වඩන අගනා ආහාරයකි. කෙට්ටු බව මට්ටු කිරීමට ගුණදායක ආහාරයක් වන අතර, දිනපතා රටඉඳි මදුළු කිහිපයක් ආහාරයට ගැනීමෙන් පෘෂ්ටිමත් බව වැඩිකර ගත හැකිය. ඛනිජ ලවණ සැලකිය යුතු ප්‍රමාණයක් ඇති නිසා එය අස්ථි ශක්තිමත් කිරීමට සහ ඔස්ටියෝපොරෝසිස් වැනි වේදනාකාරී රෝග පාලනයටද වැදගත් වේ.

රටඉඳිවල තිබෙන කෙඳි ස්වභාවය නිසා මල පිරිසුදු කරන අතර මුත්‍රා පීඩා දුරු කරයි. ශරීරයේ පිත්තාධික රෝග හා ශරීරයේ දැවිල්ල නැති කරයි. ස්නායු දුර්වලතා මඟහරවා කායික ශක්තිය වඩයි. ලිංගික දුර්වලතා මගහැරවීමට ගුණදායකයි. රටඉඳිවල කොලෙස්ටරෝල් අවම වන අතර ඉතා කුඩා ප්‍රමාණයෙන් මේදය අඩංගු වන නිසා හෘදයට හිතකරයි. ඔබගේ දෛනික ආහාරවේලට කුඩා ප්‍රමාණවලින් රටඉඳි ඇතුළත් කරගැනීමෙන් ඔබට කොලෙස්ටරෝල් මට්ටම සමබරව තබා ගැනීමට සහ සිරුරේ බර අඩු කරගත හැකිය.

රටඉඳිවල B1, B2, B3 සහ B5 වැනි විටමින් අඩංගු වන අතර, A1 සහ C වැනි විටමින් වර්ගද අඩංගු වේ. දිනකට රටඉඳි ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමෙන් ඔබට විටමින් අතිරේක ලබා නොගෙන සිටිය හැකිය. එම නිසා රසගුණ පිරි රටඉඳි ඔබේ ආහාරවේලට එකතු කර ගැනීමට අමතක නොකරන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!