Gossip

කෙල්ලන්ව අල්ලගන්න හොර ධනුක ගහපු ගේම ඇත්ත ධනුක අතටම මාට්ටු කරගත් හැටි

ධනුක දීල්ෂාන් කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය තරුණ නළුවෙක්.
ඔහුට පසුගියදා අපූරු සිද්ධියකට මුහුණදෙන්න වෙලා තිබුණා.
ඒ ගැන මේ විදිහට ධනුක සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

මගේ ඇත්ත facebook ගිණුම ඒක හින්දා මට ප්‍රශ්න ඇතිවෙලා නැහැ. ඒත් මගේ නමින් පෙනී සිටිමින් ව්‍යාජ facebook ගිණුම් පවත්වාගෙන යන අය කරපු දේවල් නිසා මම අපහසුතාවයන්ට පත් වූ අවස්ථා නම් හුඟක් තියෙනවා.
මේ ප්‍රශ්නය මට විතරක් ‍නෙවෙයි ජනප්‍රිය චරිත බොහොමයකට තියෙන එකක්.
ඒ වුණත් මේක වළක්වන්නට බැහැ. ඒ නිසා මේ වැඩේ facebook එකේ දිගටම කෙරෙනවා. මේ වෙද්දී මගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ facebook ගිණුම් කීයක් තියෙනවද?
ඒවා පවත්වාගෙන යන අය මොන මොන විදියේ දේවල් කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ.
ඒ ගැන මට ආරංචි වෙලා තියෙන දේවල් හා මම මුහුණ දීපු අත්දැකීම් කිහිපයක් විතරයි මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ.
මුහුණු ‍පොතේ සැරිසරන බොරු ධනුක දිල්ෂාන්ලා ගෑනු ළමයි එක්ක චැට් කරලා දුරකථන අංක දීලා රී ලෝඩ් දාගත්තු අවස්ථා, තමන්ට message කරන අයගෙන් මුදල් ඉල්ලූ අවස්ථා ගැන මට ආරංචි වෙලා තියෙනවා. ඔය වගේ ආරංචි ආවත් ඒවා පසුපස යන්න තරම් වෙලාවක් මට නැහැ.
ඒ හින්දම වතාවක් මම වීඩියෝ එකක් දැම්මා. බොරු ධනුක දිල්ෂාන්ලාට රැවටෙන්න එපා කියලා. මම කිසිම දවසක නාඳුනන කෙනෙක් එක්ක චැට් කරන්නෙ නැති බව එහිදී මම සඳහන් කළා. ඒ වගේ දැනුම්වත් කිරීමක් කරලත් තවමත් බොරු කාරයන්ට රැවටෙන අය ඉන්නවා. ඒකට මට කරන්න කිසිම දෙයක් නෑ.
එක දවසක් මම උත්සවයකට සහභාගි වූ අවස්ථාවක ගෑනු ළමයෙක් ඈත තියාම අත වනලා හායි ධණුක කියාගෙන මගේ ළඟට ආවා. මේ ළමයා මගේ රසිකාවියක් වෙන්න ඇති කියලා හිතලා මමත් කතා කළා. දැන් මෙයා මාත් එක්ක දිගටම කතා කරනවා. එයා කතා කරන්නේ කාලාන්තරයක් තිස්සේ මාව ළඟින් ඇසුරු කළ කෙනෙක් වගෙයි. ඒ වගේ රසික රසිකාවියොත් ඉන්නවානේ. ඒ නිසා මමත් ඒ ගැන වැඩිය නෑ. ගණන් ගත්තේ නැහැ.
ඒත් ඒ කතා බහ කරන අතරේ හිටිහැටියේ එයා මෙහෙමත් කිව්වා. ධනුක අයියා ඊයේ මට කිව්ව අර කතාව….
ඔන්න ඔය විදියේ දෙයක් මෙයා කියනවා. මම උඩ බිම බැලුවා. මීට කලින් මම එයාව දැකලා නැහැ කිව්වාම ඒ ළමයා මෙහෙම කිව්වා. ඇයි අනේ ඊයේ රෑ පැය ගාණක් අපි චැට් කළේ ?
එයා චැට් කරලා තියෙන්නේ බොරු ධනුක දිල්ෂාන් කෙනෙක් එක්ක. ඒ පාර මම එයාට ඇත්ත පැහැදිලි කරලා දුන්නා.
තවත් දවසක් හරි අපූරු වැඩක් සිද්ධ වුණා. මම හඳුනන නංගි කෙනෙක් එක්කත් මේ බොරු ධනුක දිල්ෂාන් කෙනෙක් චැට් කරලා.
ඒ ගැන ආරංචි වුණාම එයාව අල්ලා ගන්න හිතාගෙන අපි පුංචි උපායක් සැලසුම් කළා. දැන් ඔන්න අර නංගි බොරු ධනුක එක්ක චැට් කරනවා.
ඒ අතර ඒ නංගි එයාගේ දුරකථන අංකය ඉල්ලුවා. මෙයත් දුරකථන අංකය දුන්නා. මම ඒ අංකයට ඇමතුමක් ගත්තා.
ධනුක මම ඔයාගේ රසිකයෙක්..නංගි තමයි මට ඔයාගේ අංකේ දුන්නේ…. මම කතා කළාම එයත් ධනුක දිල්ෂාන් විදියට කතා කළා.
එයාව මුණගැහෙන්න ඕන කියලා කිව්වාම ඒකට නම් ඒ හොරාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.
මම තමයි ධනුක දිල්ෂාන් කැත වැඩ කරන්න එපා මල්ලි.
මම එහෙම කිව්වාම එයාගේ Phone එක off. ඊට පස්සේ ඒ දුරකථන අංකය ආයේ කවදාවත් on වුණේම නැහැ.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!