පවතින දේශපාලන අර්බුදය හමුවේ රජයක් පිහිටු වීමට තම පක්ෂය සහය නොදෙනා බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ.) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ප්‍රකාශ කරනවා.
එමෙන්ම ඉදිරි මැතිවරණ ඉලක්ක කර එජාපයේ නායකත්වයෙන් ගොඩ නැගෙමින් පවතින සන්ධානයට ටී.එන්.ඒ. සහය හිමි නොවනා බවත්, ද්‍රවිඩ පක්ෂවල සන්ධානයක් ලෙස තමුන් ශක්තිමත් පෙරමුණක් ගොඩනගා ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් වත්මන් රජය නීති විරෝධී බැවින් තමුන් එයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කරනා බවද ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසනවා.