Gossip

හැමතැනම කතා වෙන උණුසුම්ම මාතෘකාවක් ගැන මහේල හඬ අවදි කරයි – වීඩියෝ

ගියවර අයි.පී.එල්. තරගාවලියේ ශූරයන් වුණේ මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දැරූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.
මෙවර අයි.පී.එල්.තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියද අනිද්දා ඉන්දියාවේ බැංගලෝර් නුවරදී ආරම්භ වනවා.
මෙවරද මහේලගේ කණ්ඩායම තරගාවලියේ පෙරළියක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ ගැන මහේල ඉන්දියාවේදී මෙලෙස අදහස් දක්වා තිබුණා.
මේ වෙන්දේසිය කාටත් විවෘත තැනක්.
එතනදි ඕනම දෙයක් වෙන්න පුළුවන්කම තියෙනවා.
හැම කණ්ඩායමක්ම වගේ ශක්තිමත් සංචිතයක් හදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.
අපිත් උත්සහ කරන්නේ ඒ විදිහට ශක්තිමත් සංචිතයක් හදාගන්න.
අපිට ඒ පිළිබඳව දැන්ම කියන්න බෑ.
ගියවර තරගාවලියට එක්වූ කණ්ඩායම වැනි කණ්ඩායමක් හදා ගැනීමයි අපේ උත්සාහය.
විශිෂ්ට ගණයේ ක්‍රීඩකයින් හඳුනා ගැනීම තමයි අප කළ යුත්තේ. අපි උත්සාහ කරනවා ඔප මට්ටම් නොකළ දියමන්ති සොයා ගන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!