Gossip

“සමහරු මගේ දුව අල්ලන්න බය වුණා – අධිවේගී මාර්ගෙට සල්ලි ගෙව්වේ ඉස්සරහ සීට් එකේ හිටිය දොස්තර මහත්තයා” – සැවොම කම්පාවට පත් කළ කතාව මෙන්න

පැපොල රෝගය වැලඳී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිටි 13 හැවිරිදි පාසල් දැරියක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උණවටුණ ගල්කැටියේ පදිංචිව සිටි යෙලනි ඕවින්දි රාජරත්න නැමැති දැරියයි.

යෙලනි කියන්නේ පාසලේ දක්ෂ ශිෂ්‍යාවක්.

මේ අතර යෙලනිට පැපොල රෝගය වැලඳී තිබෙනවා.

ඇය නිවසේ ආරක්ෂාකාරිව සිටි නමුත් ඇයට ඇයගේ පැපොල රෝගය උත්සන්න වූ නිසා වහාම කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කරාපිටිය රෝහලට ඇතුළත් කළ මෙම දැරිය කොළඹ අයි.ඩී.එච්. රෝහලේ සිට නිවසට පැමිණියේ ඥාතීන්ගේ කර මතින්.

දැන් යෙලනි සියල්ල හැරගොස් හමාරය එහෙත් ඇයගේ මව රජයෙන් ඉල්ලා සිටින එක් ඉල්ලීමකි. එය තම දියණියගේ මරණය වෙනුවෙන් පරීක්ෂණ කරන ලෙස හෝ වෙනත් දෙයක් ලබාදෙන ලෙස හෝ කරන ඉල්ලීමක් නොව මුළු රට වැසියන් වෙනුවෙන්ම කරන ඉල්ලීමක්.

“මගේ දුවට පැපොල රෝගය හැදුණා. ඒ අතර ඇයට වෙනත් ලෙඩකට දෙන බෙහෙතක් දුන්නා.ඒ අතර පැපොල උත්සන්න වුණා. ඒ නිසා කරාපිටිය රෝහලේ දාහතරෙ වාට්ටුවට ඇතුළත් කළා. දරුවගේ තත්ත්වය බරපතළ නිසා අයි.ඩී.එච්. රෝහලට යැවීමට වෛද්‍යවරුන් තීරණය කළා. ඒ අනුව දෙසැම්බර් දාහත් වැනිදා ගිලන් රථයෙන් අයි.ඩී.එච්. රෝහලට ගෙන ගියා. සමහරු මගේ දුව අල්ලන්න බය වුණත් වාට්ටුව භාර දොස්තර මහත්තයා ගිලන් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වුණා. දරුවත් එක්ක මාත් ගියා. ගිලන් රථය ගියේ අධිවේගී මාර්ගයේයි. ඒකට සල්ලි ගෙව්වේ ඉස්සරහ සීට් එකේ හිටිය දොස්තර මහත්තයා. කීයක් ගෙව්වද කියල මම දන්නේ නැහැ. අධිවේගි මාර්ගයේ එන විටත් දොස්තර මහත්තයගේ අතින් සල්ලි ගෙවන්න ඇති. මගේ ඉල්ලීම රෝගීන් ගෙන යන ගිලන් රථවලින් මුදල් අය කිරීම ඉවත් කරන්න කියලයි. මේ ගෙනියන්නේ ජීවිතයත් මරණයත් අතර ඉන්න රෝගියෙකුයි. සමහර විට එක විනාඩියත් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට වටිනවා. අනික් පැත්තෙන් අසරණ රෝගියකුගෙන් මුදල් ගැනීම. ඒ නිසා මම ඉල්ලන්නේ හදිසි රෝගීන් ගෙන යන ගිලන් රථ වලින් මුදල් අය කරන්න එපා කියලයි”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!