Gossip

තවත් රංගන ශිල්පියෙක්ට ජීවිතය අහිමි වෙයි – සියලු විස්තර මෙන්න

ප්‍රසිද්ධ තරුණ රංගන ශිල්පියෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම රංගන ශිල්පියා වේගයෙන් ධාවනය වන දුම්රියකට නැගීමට උත්සාහ කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවෙන් එලෙස දුම්රියකට නැගීමට උත්සාහ කර ඇති අතර එහිදී අත ලිස්සා ගොස් ඔහු දුම්රිය මාර්ගයට ඇද වැටී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබු‍ණේ 22 වන වියේ පසුවූ ඉන්දියාවේ තරුණ රංගන ශිල්පියෙකු වන Praful Bhalerao යි.

අද උදෑසන 4.30 ට පමණ දුම්රිය මාර්ගයේ පුද්ගල මළ සිරුරක් ඇති බවට ලැබුනු තොරතුරක් අනුව මෙම සිරුර සොයාගෙන තිබෙනවා

කෙසේවෙතත් මෙම රංගන ශිල්පියාගේ සිරුර රෝහලට ගෙන ගියත් ඔහු මරණයට පත්ව ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අදාළ දුම්රිය අනතුරෙන් හිසට සිදුවු බරපතල තුවාල නිසා මරණය සිදුව ඇති බවටයි අනාවරණ වී තිබෙන්නේ.

Praful Bhalerao ළමා නලුවෙකු ලෙසට ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා.

මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගම්බද ප්‍රදේශයක සිට මුම්බායි නුවර දක්වා යන ගැහැණු ළමයෙකු ආශ්‍රිතව නිශ්පාදනය වී ඇති නාට්‍යයකින් මෙම රංගන ශිල්පියා වඩාත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා.

එමෙන්ම පසුගියදා එළිදැක්වු දීපාක් පටෙල් අධ්‍යක්ෂණය කළ Baraya චිත්‍රපටයේ ද ඔහු රංගනයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

මේ ඔහු දුම්රියේ ගැටෙන ආකාරය දුම්රිය ස්ථානයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබූ ආකාරයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!