Gossip

හඳුනානොගත් බෝම්බ 21ක් සොයාගත් හැටි

හඳුනානොගත් බොම්බ කිහිපයක් සහ මෝටාර් උණ්ඩයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.

එම නිලධාරීන් සැක කරන්නේ යුද සමයේදී LTTE ත්‍රස්තවාදීත් විසින් මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම අයුරින් ඒවා සඟවා තබන්නට ඇති බවය.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ එම මෙහෙයුම සිදුකර තිබුණා.

ඒ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ඩී.කේ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙනි.

විශේෂ කාර්ය බළකා මුලතිව් කඳවුරේ නිලධාරීන් සහ මුලතිව් නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරු අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් මෙම පුපුරණ උපකරණ සොයාගැනීමට හැකිවී තිබෙනවා.

පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ උඩයාර්කට්ටු කැළෑ ප්‍රදේශයේ දී වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී සොයාගත් පුපුරණ උපකරණ අතර මෙම හඳුනානොගත් බෝම්බ 21ක තිබී ඇති අතර මෝටාර් උණ්ඩයක් ද හමුවී තිබුණා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!