Gossip

ඇමති නාමල් සහ ප්‍රසන්න වැලි කඳු අතර දුෂ්කර ගමනක (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳුවල වාහන ධාවන පථය විවෘත කර තිබෙනවා.

කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කළේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යි.

එය ඉදිකර තිබෙන්නේ කොළඹ වරාය නගරයේ.

කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතිනවා.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ATV වාහනවල වැලි කඳු සහිත දුෂ්කර මාර්ගය ඔස්සේ ධාවනයේ නිරතවුණා.

මෙරට මුල්ම ATV ධාවන පථය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ගම්පහ බුත්පිටිය මාළිගාතැන්න ප්‍රදේශයේ මෙම ධාවන පථය පිහිටා තිබෙනවා.

එය කළුගල් කඳු අතර සැකසුනක්. අද කොළඹ වරාය නගරයේ විවෘත කෙරුණු වැලි කඳු මත ධාවනය කෙරෙන ATV ධාවන පථය මෙරට බිහිවුණු වැලි කඳු මත ධාවනය කෙරෙන ප්‍රථම ධාවන පථය යි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!