Gossip

අයිස් ගැසූ පාතාලයින් නිවසක් ලේ විලක් කරයි

මෙරට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පාතාල කල්ලි නායකයෙකු වන අතුරුගිරියේ ලඩියා ගේ ගෝලයින් පිරිසක් ඉකුත් 24වනදා කඨින පිංකමක් පැවැති අවස්ථාවක ගම්වාසීන් පිරිසක් කපාකොටා පහරදී තිබුණා.

පුදුමයට කරුණ නම් ආසියාවේ විශාලතම හමුදා කඳවුර වන පනාගොඩ යුද හමුදා ජනපදයට ආසන්නයේ පිහිටි හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේදී බියකින් හෝ සැකයකින් තොරව මැරයින් එම ප්‍රහාරය එල්ල කර තිබීමයි.

ගම්වාසීන් පොලීසියට ඇමතුම් ගෙන උදව් ඉල්ලන තෙක් කිසිවෙක් ඔවුන්ගේ උදව්වට පැමිණ තිබුණේ නැහැ.

පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ පැමිණි පොලිස් යතුරුපැදිය ද පළාගිය සැකකරුවන් පස්සේ යෑමට අකමැත්තක් දක්වා තිබුණා.

මෙම අමානුෂික ප්‍රහාරයට හේතු වී තිබුණේ නිවසක් අසල වාහන නවතා තිබෙන්නේ ඇයි දැයි නිවෙස් හිමියෙකු පාතාල සාමාජිකයින්ගෙන් විමසීමය.

ඉන් උරණ වූ පාතාල සාමාජිකයින් නිවෙස් හිමියාට කඩු පොලුවලින් පහරදී නිවසේ සිටි 82 හැවිරිදි මවක් ද බිම ඇඳවැටෙන්න පහරදී තිබෙනවා.

අසල්වැසි නිවසකින් පැමිණි දුරකථන ඇමතුමක් අනුව කඨින පූජෝත්සවය සඳහා ධර්ම දේශනාවකට සම්බන්වී සිටි ගම්වාසීන් එම නිවසට දුව ගොස් තිබුණා.

එහිදී එම පිරිසට ද සිදුව තිබුණේ පාතාලයින්ගේ කඩු පොලු ප්‍රහාරයන්ට ලක්වීමටයි.

ව්‍යාපාරිකයෙකු වන වසන්ත කුමාර නැමැත්තා එහි දිවගොස් සිදුවන්නේ කුමක්දැයි විමසීමත් සමග ඔහුට කඩු ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

එය වැළැක්වීමට ගිය වසන්තගේ පුත් උෂාන් චමිලගේ දෑත්වලටම කඩු ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

චමිල බේරාගැනීමට මැදිහත්වූ ඥාතී සොහොයුරු වූ ලහිරු සුදසිංහ ගේ දෑත්වලට ද මැරයින් කඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පසුව එහි සිටි සියලු දෙනාට මැරයින් විසින් කඩු පොලු ප්‍රහාර එල්ල කර ඇත්තේ එම නිවස ලේ විලක් බවට පත්කරමින්.

පසුව මැරයින් විසින් තම ලොක්කා කතා කරනවා යනුවෙන් වීඩියෝ කෝල් එකක් ගෙන ගම්වාසීන්ට පෙන්වා ත්‍රීරෝද රථ දෙකකින් සහ කාර් රථයකින් පළාගොස් තිබුණා.

සිද්ධියෙන් බියට පත් ගම්වාසීන් දිනක් යනතෙක් ඇතිවූ සිද්ධිය පොලීසියට පවා පැහැදිලි කිරීමට අකමැත්ත පළකර තිබෙනවා.

පසුව හෙළිවී ඇත්තේ මෙම ප්‍රහාරය ලඩියාගේ ප්‍රධාන ගෝලයෙකු වන මුල්ලේගම මලින්ද ගේ කල්ලිය මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!