Gossip

ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් හදන හැටි නාමල් කියයි

ඉදිරි වසර පහ තුළ මෙරට ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනගන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවා.

ඔහු ඒ බව පැවසුවේ “ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය” විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉදිකළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

ඒ අනුව කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළ දීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට් සිටි හි ලංකාවේ පළමු වරට මිනිසා විසින් නිර්මාණය කරන ලද සුන්දර වෙරළ තීරය ආසන්නයේ AVT වැලි කඳු මත ධාවනය කිරීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට අවස්ථාව උදාවී තිබෙනවා.

එහි, ළමයින් සඳහා වූ විශේෂීත AVT පැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කර තිබෙනවා.

AVT සැහැල්ලු වාහන මගින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම රළු මතුපිටක්, මඩවගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමයින්ට පුහුණු කරනු ලබනවා.
එය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා කීවේ..

‘‘ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ බිහිකරනවා. මෙවැනි ආයෝජන ඒ සදහා මාවත නිර්මාණය කරන බව අපි විස්වාශ කරනවා. අපි එල්.පී.එල් තරගාවලිය සාර්ථකව පැවැත්වූවා. ජෛව ආරක්ෂිත බුබුළක් තුළ ක්‍රිකට් සෙල්ලම් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව. අනෙක් සියලුම රටවල් මැදපෙරදිගට සහ යුරෝපයට ගිහින් ක්‍රීඩා කළේ. මෙසේ ආරම්භ කළ ගමනට ක්‍රිකට්, පා පන්දු, මලල ක්‍රීඩා යන සියල්ල එකතු වූ විට ක්‍රීඩාව තුළ ඩොලර් මිලියන 100 ක් ඉක්ම වූ ආර්ථිකයක් අද වන විට අපිට ලැබී තිබෙනවා. ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයත් සමග ක්‍රීඩාව සම්බන්ධ කිරීමට අපේක්ෂා කරනවා. ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයක් මහියංගනයේ ආරම්භ කරනවා. ඒ හරහා ක්‍රීඩා උපකරණ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනවා. ක්‍රීඩා ආර්ථිකයක් බිහි කිරීමට යන ගමනේදී ජනතාව මේ සඳහා නැඹුරුවීමට මෙවැනි ව්‍යාපෘති හා ආයෝජන අපේ ගමනට බොහෝ උපකාරී වනවා,‘‘ යනුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!